14 කොටස

50.7K 3.4K 640
                                    

මම ගෙදර ඇවිත් නාලා කියලා ගෙට එද්දී අම්ම ඉස්තෝප්පුවෙ වාඩිවෙලා ආච්චිඅම්මා හින්දලා එවාපු තෙල් බෝතලයක් කකුලේ ගානවා නැමීගෙන.. මම ටවල් එක එහෙම්මම වැලට දාගෙන අම්මගෙ කකුල් දෙක ලගින් බිම වාඩි වෙලා අම්මගෙ කකුල් දෙක උකුළට අරන් බෙහෙත් තෙල් ගාලා පහලට අතගෑවා..

අම්මගෙ කකුලෙ කැක්කුමක් තියෙනවා දැන් අවුරුදු එකාමාරක විතර ඉදලා සැරින් සැරේ බහිනවා ආයෙම එනවා.. කීප තැනකින්ම බෙහෙහ් අරගෙනත් අඩු වුනේ නැති නිසා අපේ ආච්චිඅම්මා ගමේ වෙද සීයගෙන් වට්ටෝරුවක් අහගෙන ඇවිල්ලා ආච්චිඅම්මම අම්මට බෙහෙත් තෙල් බෝතලයක්ම හින්දලා මාමා අතේ මෙහේ එව්වා.. අපි කොච්චර කොහොම ඉන්ග්‍රීසි බෙහෙත් කියලා උඩ දමාගෙන නැටුවත් සිංහල බෙහෙත් කියන්නෙ වෙනම එකක්.. අපෙ අම්මා ඕක මාසයක් විතර ගාලා තැව්වා එහෙමම අමාරුව අඩු වුනා.. ඒ වුනාට වෙද සීයා ආච්චිට කියලා තිබ්බෙ තෙල් බෝතලේ ඉවරවෙනකල්ම ගාන්න නවත්තන්න එපා කියලා..

මම අපරාදෙ නෑවෙ දැන් ඉතින් ඇගම බෙහෙත් තෙල් ගදයි.. අම්මට එහෙමම හාන්සි පුටුවෙ නින්ද ගිය නිසා මම අම්මට නිදාගන්න යන්න කිව්වා.. මම ඉතින් නිශාචර එකානෙ.. මම නිදාගන්නෙ ඇද ඇහැට අහුවුන වෙලාවක තමා..

මේ ටිකේ මේ ස්පොර්ට්ස් කර කර උඩ පැන්නට එක්සෑම් එකත් ලග ලග එනවා.. ඒක කොච්චර අමතක කරන්න හැදුවත් වතුරෙ ගහපු රබර් බෝලෙ වගේ සැරින් සැරේ මතක් වෙද්දි බඩ පපුව කූල් වෙලා යනවා.. අමතකකරන්න හදනවා නෙමෙයි මේ වැඩ අස්සෙ ඒක පිටිපස්සට දාන්න බැහැනෙ..

මම කෙමෙස්ට්‍රි පොතත් පෙරලගෙන මගේ පාඩම් මේසෙන් වාඩි වුනා.. මට තිබ්බෙ ලොකු මේසයක් නෙමේ සාමාන්‍ය තරමෙ පොඩි මේසෙයක්.. ඕකෙ උඩ ,පැත්තකින් පාඩම් කරන වෙලාවට දාගන්න ටේබල් ලෑම්ප් එකයි පෑන් පැන්සල් දාන පොඩි බින් එකකුයි පොතුයි තමා තිබ්බෙ.. මල් වාස් අනම් මනම් නෑ.. ඕවා දැක්කහම මට වැඩ කරන්න  හිතෙන්නෙ නෑ.. ඒ එක්කම අතේ දුරින් පොත් රාක්කයක් තියෙනවා.. 

මම කෙමෙස්ට්‍රි වල මුල් පාඩම් ටික ආයෙම බලාගත්තා.. මීට් එක ඉවරවුනු ගමන්ම එක්සෑම් තියයි.. ටර්ම් ටෙස්ට් එකත් මහ සාපයක්.. අපෙ අම්ම ඒ ලෙවෙල් පටන්ගත්තු දවසෙ පේරන්ට්ස් මීටින් ආවා විතරයි ආයෙ ආවෙම නෑ.. කාගෙවත් එහෙම ලොකුවට පේරන්ට්ස්ලා එන්නෙ නෑ දෙවෙනි වාරෙන් පස්සෙ.. මම නම් අවංකවම අපෙ අම්මට කියන්නෙ නෑ.. තිබ්බත් මට තියෙන්නෙ හතලිස් ගනන් පනස් ගනන්.. ඕකෙන් උඩ යන්නෙම නෑ.. ඒත් හැබැයි ඉතින් ඒක ගන්නත් මාර කට්ටක් කන්න වෙනවා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now