3rd Phase🌙

211 32 30
                                    


"අහ්....ම්හ්ම්...."
ඇලවිලා වගේ බර වෙලා තිබුණ ඇහිපිහාටු අමාරුවෙන් හොලවලා ඇස් ඇර ගත්ත මම මුලින්ම දැක්කෙ එක වලාකුළක්වත් නැති නිල් පාට අහසක්.....එකපාරට මගෙ මූණට එබුණ අළු පාට ආමන්ඩ් ශේප් ඇස් දෙකක් නිසා මම ගැස්සිලා ගියා....

"කුමරුනි....කුමරුනි ඔබතුමාට යම් ආබාධයක් සිදු වූවාද? ඔබ මඳ වේලාවකට සිහිසුන් වූවානෙ!"

මූට මොනව වෙලාද? මොකද්ද ඒ ඇඳන් ඉන්න මලවිකාර ඇඳුම....ඇයි පිරිමි ළමයෙක් ගවුමක් ඇඳගෙන.....චුට්ටක් ඉන්න මම.....මම අන්තිමට හිටියෙ.....

අසුර දෙවියන් කරපු විනාශ හැම එකක් ම මතක් වෙද්දි මගෙ ඔලුව රිදෙන්න ගත්තා...

"මොකද්ද මෙතන වුණේ?"

"කුමරුනි....ඔබේ කතා විලාසයට කුමක්ද සිදු වූයේ?"

"ආආහ්...අහ්! ම්-මා වි-විමසුවේ.....මෙතැන කුමක් ද සිදුවූයේ ක්-කියා..."

මම ජීවිත කාලෙට ම බලලා තිබුණ එකම රජකාලෙ කතාවක් මතක් කරගෆන යන්තන් වචන පටලගෙන ඇහුවෙ මෙතන වුණේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන නිසා....

"දෙවියනේ කුමරුනි.....ඔබතුමාට කුමක්ද සිදුවූයේ? ඔබේ හිස තදින් කොහි හෝ ගැටී ඇති හැඩයි..... දෙවියනේ සේනාධිපති උතුමාණන් මා මරා දමාවි...."

මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙන එක කෙසේ වෙතත් ඒ ප්‍රශ්නෙ නිසා ඒකොල්ලා මං ළඟ ම බිම වාඩිවෙලා අත් දෙකෙන් ගල් බොරළු අවුස්ස අවුස්සා නහයෙන් ඇඬුවා...

"ස්-සේනාධිපතිතුමා.....කුමකටද මා පිළිබඳ සොයා බලනුයෙ?"

මං ආයෙ ඇහුවාම ඒ කොල්ලගෙ ඇස් දෙක බෝල වෙලා ගියා....

"දෙවියනේ! කුමරුනි ඔබට කිසිවක් ස්මරණ නොමැතිද?"

"න්-නැහැනෙ....අහ්....මා අදහස් කළේ....නොමැති....මාගේ මතක සීයල්ල අමතක වී ඇති හැඩයි....ම්-මාගේ නාමය කුමක්ද?එ-එවිට ඔ-ඔබේ නාමය කුමක්ද?"

"අද මා මියෙනු නිසැකයි..."
ඒ කොල්ලා පිටි අල්ල නළලට තියාගෙන ඇස් පියාගෙන ඩ්‍රැමටික් විදියට කියද්දි මට හයියෙන් හිනා ගියා....එයා හුරතල්....ඒ යාළුවෙක් ද දන්නෑ....

"ඉතින්....ඔබ මගෙ මිතුරානෙ.....අප මේ පිළිබඳ කිසිවෙකුට නොහැඟෙන සේ කටයුතු කරමු....ඔබ මට සහය වන්න මා හට ස්මරණ නොමැති වග අන්‍යන්ට නොහැඟෙන සේ.....හැකිද? එවිට ඔබට මිය යාමට අවශ්‍යතාවයක් නොමැතිනෙ?"

Phases of the MoonWhere stories live. Discover now