50 th Phase 🌙

171 27 8
                                    


ඇසටෝරියාවේ මාළිඟාව ආයෙත් කෙළවරක ඉඳලා පිරිසිදු කරලා පහුගිය කාලෙ ඇතුළත කිසි දෙයක් සිද්ධ නොවුණා වගේ හැමදේම අළුත්වැඩියා කරලා තිබුණා... ගම්මානවල තත්ත්වය වුණත් යථා තත්ත්වයට ගන්න ටේහ්‍යුන් තමන්ගෙ සේනාව යොදවලා සහය දීලා තිබුණා...

ගෙවුණ අඳුරු සමය දවසින් දෙකෙන් අමතක වෙලා ගිහින් වගේ තියෙද්දි ටේහ්‍යුන් තමන්ගෙ කිරුළු පැළඳවීමේ උත්සවයට සූදානම් වුණා...අවසානයේ ඇසටෝරියාවත් ශේහයි රාජ්‍යයත් ටේහ්‍යූන් යටතට පත් වෙද්දි තමන් ගරු කරපු අධිරජ නම්ජුන්ගෙ මරණය කම්පා වුණත් අවුරුදු ගානක යුද්ධවලින් බැට කාලා හිටිය පීඩනයට පත්වෙලා හිටිය ඇසටෝරියාවේ මිනිස්සු ටේහ්‍යුන්ව තමන්ගෙ පාලකයා විදියට පිළිගන්න විරුද්ධ වුණේ නැහැ...

"එම පුෂ්පදාමයන් මෙහි රඳවනු! මේ කෙළවර සිට අනෙක් කෙළවර දක්වා ම රක්ත වර්ණය හි ශ්වේත වර්ණය මිශ්‍ර කරවමින් රඳවනු!"
තද නිල්පාට සිනිඳු කසී සළුවලින් හදපු රත්තරන් පාටින් රටා දාලා තිබුණ ඇඳුමකින් සැරසිලා හිටිය රියුජින් ටේහ්‍යුන්ගෙ කිරුළු පැළඳවීමෙ මංගල්‍යයේ සියළුම වගකීම් තමන්ගෙ පිට වගේ මවා පාගෙන කෑ ගගහා අරහෙ මෙහෙ දුවද්දි ඔක්කොම වැඩ සැලසුම් කරලා වතුර එකක් බොන්න ටිකකට නතර වුණ ජීසන්ග් රියුජින් දිහා බලලා කට ඇද කරගෙන ඇස් දෙක රෝල් කළා...

.

.

.

.

පිටත කලබලකාරී වාතාවරණය ගෑවිලාවත් නොතිබුණු ජන්කුක්ගෙ කුටිය ඇතුළෙ එක් කෙළවරක බාගෙට ඇරලා තිබුණ ජනේලෙන් ඉර එළිය තුනී තීරුවක් වැටිලා තියෙද්දි ජන්කුක් පොත් රාක්කයට හේත්තු වෙලා ඊයෙ රෑ ඉඳලා ම කියවපු පොත දිහා ම බලාගෙන හිටියා... ජන්කුක්ගෙ ඇස් රතු වෙලා....තාමත් කළුපාට බෝල ඇස්වලින් කඳුළු බේරෙද්දි ජන්කුක් හරවලා තිබුණ පිටුවෙ තියෙන රටාව උඩ ගුළි කරගෙන ඉඳලා රතු වෙලා තියෙන වෙව්ලන ඇඟිලි තුඩු අරගෙන ගිහින් අමාරුවෙන් හිනාවුණා...

තාමත් කළුපාට බෝල ඇස්වලින් කඳුළු බේරෙද්දි ජන්කුක් හරවලා තිබුණ පිටුවෙ තියෙන රටාව උඩ ගුළි කරගෙන ඉඳලා රතු වෙලා තියෙන වෙව්ලන ඇඟිලි තුඩු අරගෙන ගිහින් අමාරුවෙන් හිනාවුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Phases of the MoonWhere stories live. Discover now