15 th Phase 🌙

142 22 28
                                    


"ම්හ්ම්.."
හීනෙන් කෙඳිරි ගාගෙන හැරෙන්න හැදුව යුංගි තමන්ගෙ පපුව උඩ මොනවාහරි බරට දැනුණ නිසා ඔලුව උස්සලා බැලුවා ම දැක්ක දේ නිසා යුංගිට තරු විසිවුණා....

යුංගිගෙ නිරුවත් පපුවට පිම්බුණ රෝසපාට කම්මුලක් තද කරගෙන යුංගිගෙ බෙල්ල වටේ අත් දෙක පටලගෙන ම ජිමින් තවමත් තද නින්දෙ.... හතරවටේ විසිරිලා තියෙන ජිමින්ගෙ කොණ්ඩෙ අතින් එකතු කරන ගමන් යුංගි ඊයෙ රෑ සිද්ධ වුණ දේවල් කල්පනා කළා...

ජිමින් තමන්ට වද කරලා වද කරලා නගරෙට යන්න කැමති කරගෙන ආන්තිමට යුංගි එක්ක ගියේ ජිමින්ගෙ මාළිඟාවට....

උද්‍යාන පොකුණ ළඟට වෙලා තරු ගැන එක එක විස්තර කියන ගමන් හිටිය ජිමින් යුංගිගෙ උරහිසට ඔලුව බර කර ගත්තා ම යුංගි ජිමින්ට එහෙම ඉන්න දුන්නා... යුංගි දන්නවා ජිමින්ගෙ හිතේ තමන් ගැන තියෙන හැඟීම...

ඒත් යුංගි කියන්නෙ රාජධානියේ සෙන්පති....මොන ප්‍රශ්නෙ ආවත් යුංගි මුලින් ම ඒකට මැදිහත් වෙන්න ඕනෙ....ඒ නිසයි යුංගි ජිමින්ව මඟ ඇරියේ...ජිමින් රාජ්‍ය පාලනයට වගකීම් ගන්නෙ නැති නිසා මේ සම්බන්ධෙට රජතුමා වුණත් විරුද්ධ නොවෙන බව යුංගි දන්නවා වුණත් යුංගි පුළුවන් තරම් ජිමින් ව මඟෑරියා....දැන් වුණත් ජිමින් යුංගිගෙ ළඟ වෙළිලා හුරතල් වෙද්දි යුංගි ඉවසගෙන තමන්ගෙ සීමාවල් මතක තියාගෙන හිටියෙ බොහොම අමාරුවෙන්....

හැමදාම ලා පාට ඇඳුම් අඳින ජිමින් අද රත්තරන් නූල් වලින් චාම් රටාවක් ගෙත්තම් කරලා තිබුණ තද රතුපාට සළුවලින් සැරසිලා ඉද්දි රත්‍රං ආභරණ වලට හඳ එළිය වගේම උද්‍යාන ලාම්පුවල කහ පාට එළියත් වැටිලා ජිමින්ගෙ කහපාට අතපය රත්තරන් පාටට දිලිසිලා පෙනුණා... ඉවරයක් නැතිව කියවද්දි ලොකු වෙන පුංචි හුරතල් ඇස්...පිම්බුණ කම්මුල්...මොන වෙලාවෙත් තෙතට දිලිසිලා තියෙන තොල් ආලේපන නිසා තද රතු පාට වෙලා තියෙන රෝස තොල් එක්ක ජිමින් කියන්නෙ දකින කෙනෙක් මත් කරන ඉනාවක් වෙද්දි යුංගිට හරි සිහියෙන් ඉන්න වගේ ම ජිමින් විශේෂ නෑ කියලා පෙන්වන්න ගොඩක් මහන්සි වෙන්න වුණා...

"සෙන්පති මින්....ඔබ මාව මඟ හරිනුයේ....දිනක ඔබට යම්කිසි අන්තරාවක් සිදුවුවහොත් මා දුක් වේ යයි බියෙන්ද එසේත් නැතිනම් සැබැවින් මා කෙරේ කිසිදු හැඟීමක් නොමැති නිසාවෙන්ද?

Phases of the MoonWhere stories live. Discover now