"ආහ්...කොහිද මේ මා රැගෙන යනුයේ...ආආආ!! හ්යුන්ගී...මෙය සාධාරණ නැහැ...."
ජන්කුක් අත් දෙකට දාලා තිබුණ දම්වැල් හොලවන ගමන් කෑ ගහද්දි ටේහ්යුන් ඇහෙන්නෙ නැහැ වගේ යන දිහා බලාගෙන හිටිය ජන්කුක්ගෙ බෝල ඇස්වල කඳුළු පිරෙනවා දැකලා හෙසෝක්ට ජන්කුක් ගැන අනුකම්පා හිතුණත් ටේහ්යුන්ගෙ තීරණ වෙනස් කරන්න තමන්ට බැරි වෙද්දි හෙසෝක් ජන්කුක්ගෙ ඇස් මඟෑරලා අහක බලාගෙන හිටියා ... හමුවෙලා තවම සති දෙකක් විතර වුණත් නැවේ ආව දිගට හෙසෝක් මුරට හිටි හැම විනාඩියක ම ජන්කුක් කළේ කියවන එක වෙද්දි හෙසෝක්ට නිරායාසයෙන්ම ඒවා ඇහුණා...ජන්කුක් සෙල්ලමට බර සැහැල්ලු චරිතයක් කියලා හෙසෝක් ඒ වෙද්දිත් තේරුම් අරගෙන හිටියා වගේ ම හෙසෝක් හැමෝට ම හොරෙන් ඒ හුරතල් ගතියට ආස වෙලා තිබුණා... ඇත්තට ම ජන්කුක් කියන්නෙ ළඟ තියාගන්න වටින යාළුවෙක් කියලා හෙසෝක් තේරුම් අරන් තිබුණා වුණත් හෙසෝක් ඒ කිසි ම දෙයක් නොපෙන්වා ඉන්න ප්රවේශම් වුණා....
"ආආආ...හෙසෝක් හ්යුන්!! මෙය අන්යායක් නොවේද!? මා ...ඔහු මාගේ ස්වාමියා නොවේද...කෙසේ ද එලෙස ඔහු!!?"
ජන්කුක් ටේහ්යුන් ගිය පැත්තට අත දික් කරන ගමන් කට උල් කර කර බැන බැන ඇවිත් එකපාර මොකක හරි හැපුණා ම ජන්කුක්ගෙ කට වැහුණා..."ආව්හ්! කුමක්ද මේ ස්ථානය? "
ජන්කුක් තමන් හෙසෝක්ගෙ පිටේ හැපුණ නිසා තැලුණ නහයත් අතින් අතගගා බෝල ඇස් කරකලා වටේ බැලුවා...එතන සේදවලට සායම් පොඟවන තැනක්... හෙසෝක් සෙබලෙක්ට මොකක් හරි කියලා ටිකක් ඈතට යද්දි හැඩිදැඩි මිනිස්සු තුන් දෙනෙක් විතර එකතු වෙලා පෙරලගෙන ආව ලොකු කළු ගලක් මඩුවෙන් එළියෙ මිදුල මැද්දෙ නතර කරලා ඒ ගලට සම්බන්ධ කරලා තියෙන දිග දම්වැලක අනෙක් කෙළවර ජන්කුක්ගෙ කකුලට දාද්දි ජන්කුක්ට ඉකි ගැහෙන එක නවත්තන්න ජන්කුක් තදට ම තොල් හපාගත්තා...ජන්කුක් ඇත්තටම ටේහ්යුන්ට ආදරේ කලා...තමන්ට උරුම තැන ලැබෙද්දී ටිකක් දඬුවම් කළත් ජන්කුක් බලාපොරොත්තු වුණේ නැහැ ටේහ්යුන් මේ තරම් දුර මේ ප්රශ්නෙ ඇදගෙන එයි කියලා....
ජන්කුක්ට දැනුණෙ ම ටේහ්යුන් තමන්ව බල්ලෙක් වගේ ගැට ගහලා දැම්මා කියලා වෙද්දි ජන්කුක්ට ඇඬුණා... මෙච්චර වෙලා සාධාරණ අසාධාරණ ගැන කතා කර කර යන්න දෙන්න කියලා කෑ ගැහුව ජන්කුක් අත් දෙක තමන්ගෙ ඇඟ වටේ ම ඔතාගෙන බිත්තියට හේත්තු වෙලා ඇණ තියන් ඉකි ගගහා ඇඬුවෙ එළියට සද්දෙ ඇහෙයි කියලා බයට අතකින් කටත් තද කරගෙන....