ජන්කුක් ටේහ්‍යුන්ව ඔතාගෙන ටික ටික තද වෙන කළු පාටට හුරු දම්පාට වැල් අත් දෙක තුවාල වෙනකල් ම ඇදලා ටිකක් ගැලෙව්වෙ ටේහ්‍යුන් අමාරුවෙන් ඇස් ඇරගෙන ජන්කුක් කරන දේවල් දිහා බලාගෙන ඉද්දි.... ටේහ්‍යුන්ගෙ මුළු ඇඟ ම තැලලා දාලා වගේ දැනුණා වගේම ඇස් ඇරගෙන ඉන්න බැරි තරම් ඔලුව රිදෙන්න අරගෙන තිබුණා....ඒත් ජන්කුක්ගෙ කඳුළු පිරුණ බෝල ඇස්...වෙව්ලන රෝස පාට තොල්....ටේහ්‍යුන්ට ඇස් පියාගන්න එපා එයා එක්ක ඉන්න කියලා නොනවත්වා මුමුණන හීන් කටහඬ....ටේහ්‍යුන්ගෙ ඇඟ පුරාම දුවන ජන්කුක්ගෙ හීන් රෝසපාට ඇඟිලි ටේහ්‍යුන්ට ඇස් පියා ගන්න දුන්නෙ නැහැ....
පළවෙනි වතාවට.... ඉපදුණ දවසෙ ඉඳලා ජීවිතේ පළවෙනි වතාවට තමන් ගැන තවත් කෙනෙක් වද වෙනවා....තමන් ගැන හිතන්න කෙනෙක් ඉන්නවා කියන සිතුවිල්ල ටේහ්‍යුන්ගෙ හිතට එද්දි ටේහ්‍යුන්ට කියාගන්න බැරි අමුතු හැඟීමක් දැනුණා....ටේහ්‍යුන්ගෙ පපුව වෙනදට වඩා වේගෙන් ගැහෙනවා.... ටේහ්‍යුන්ගෙ මූණෙ හිනාවක් ඇඳිලා තියෙනවා....... ටේහ්‍යුන්ට දැණුනෙ තමන් පාවෙනවා වගේ....ඒත්.... මොකක්ද ඒකට කියන නම?
ජන්කුක් තමන්ට වේදනාවක් නැතිව හිනා වෙන්න ඉගැන්නුවා වගේ තවත් හැඟීමක් කියලා දීලා..ඒත් ඒකෙ නම ටේහ්‍යුන් දන්නෙ නැහැ.....
ටේහ්‍යුන් අමාරුවෙන් අතක් උස්සලා තමන්ගෙ කම්මුලට නොනවත්වා තට්ටු කරන ජන්කුක්ගෙ පුංචි අතක් අල්ලගත්තා ම ජන්කුක් එයාගෙ බෝල ඇස් ටේහ්‍යුන් දිහාට හැරෙව්වා.....
ඒ ඇස්වල කඳුළු පිරිලා....ටේහ්‍යුන්ට කවදාවත් කඳුළු ඇවිත් නැති වුණාට ටේහ්‍යුන් දන්නවා අනිත් අයගෙ ඇස්වල එහෙම කඳුළු පිරෙන්නෙ දුකකදි වේදනාවකදි කියලා..... සතුට,ආදරය,කරුණාව වගේ ලස්සන හැඟීම් දන්නෙ නැති වුණාට ටේහ්‍යුන් දුක , වේදනාව වගේ හැඟීම් ඕනාවටත් වඩා හොඳට විඳලා තියෙනවා.... ටේහ්‍යුන් කැමති නෑ ජන්කුක් වගේ කෙනෙක් ඒ වගේ දේවල් අත් විඳිනවට....
"ජන්කුක්? ඔ-ඔබේ දෑස්....කිමද ඔබ හඬනුයේ?"
ටේහ්‍යුන්ගෙ ප්‍රශ්නෙත් එක්ක ජන්කුක් ගැස්සිලා ගිහින් කඳුළු පිහද ගත්තා....