"අධිරජුනි!ඇ-ඇසටාන් කඳු මුදුනේ...යම් අසාමාන්‍ය සිදුවීමක් සිදුවන හැඩයි අධිරජුනි!!"
හේවායෙක් ඇවිත් කියද්දි කිරුලු පැළදවීම ගැන පුංචිම සැලකිල්ලක්වත් නැතිව තමන්ගෙ අඳුරු මායාවන් ප්‍රගුණ කරමින් හිටි ටේහ්‍යුන් ගිනි රතු පාටට හැරිලා තියෙන ඇස්වලින් හේවායා දිහා බලද්දි ඒ තරුණයා බිම බලාගත්තා..."මා හට කඳු මුදුනට යාමට කටයුතු සූදානම් කරනු!"
"න්-නමුත් අධිරජුනි සුභ මුහුර්තය්-"
"එය ආඥාවක්!"
ටේහ්‍යුන් තමන්ගෙ එක් උරහිසක දවටලා තිබුණ රතු නූලෙන් ගෙත්තම් කරපු කළු පැහැති සළුව කේන්තියෙන් ගසන ගමන් නැඟිටිද්දි ටේහ්‍යුන්ට ආචාර කරපු තරුණ හේවායා කලබලෙන් ආයෙත් හැරිලා දිව්වා....
.
.
"ජන්කුක්!"
ටේහ්‍යුන්ගෙ කේන්තිය පිරුණ කටහඬ ඇසටාන් කඳු මුදුනෙ දෝංකාර දෙද්දි රිදී පාටට හුරු සුදුපාට බල කවයක් ඇතුළෙ භාවනාමය ඉරියව්වෙන් හිටිය ජන්කුක් හෙමින් ඇස් ඇරියා...තොල් ආලේපන වෙනුවට තමන්ගෙ ම ලේවලින් රතු පැහැ ගැන්විලා තියෙන ජන්කුක්ගෙ දෙතොල් අතරෙ හිනාවක් ඇඳෙද්දි ටේහ්‍යුන්ගෙ සාමාන්‍ය තද කළු ඇස් ගිනියම් වුණේ ටේහ්‍යුන්ගෙ දැනටම කොපුවෙන් පිටතට අරගෙන තියෙන අසිපත වටා රතු මිශ්‍ර කළු පැහැති ගිනිදැල් එතෙද්දි..."කුමක් ද මෙම අඥාන ක්‍රියාව ජන්කුක්!? මා මෙන්ම නුඹ ද හොඳින්ම දැනුවත් නක්ෂත්ර අමාවක දිනක දී අධ්‍යාත්මය එතරම් ප්‍රභල ලෙස තියුණු කිරීමේ විපාක!"
"හා! දණ්ඩණ දීමට ඇවැසියි අධිරජුනි! නපුර අඳුර පලවාහැර රාජ්‍යය පවිත්‍ර කළ යුතුයි...
දෛවය විසින් තෝරාගන්නා ලද තැනැත්තාගේ කර්තව්‍යය මා විසින් නිසියාකාරව ඉෂ්ට කළ යුතුයි!"
ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඇස් දිහා ම බලාගෙන කියද්දි ටේහ්‍යුන් ජන්කුක්ට හිතන්නවත් වෙලාවක් නොදී තමන්ගෙ බලයන්ගෙන් පහර දුන්නෙ ටේහ්‍යුන්ගෙ රතු මිශ්‍ර කළු පැහැති බල ප්‍රහාරය ජන්කුක්ගෙ නිල් මිශ්‍ර රිදී බල කවයෙ ගැටිලා විශාල පිපිරුමක් එක්ක වටේ හිටිය සාමාන්‍ය සෙබළුන්ටත් කම්පනයක් ඇති කරගෙන විසිරිලා යද්දි....