"ආආහ්...කවුරුන් හෝ සිටීද!? සහය වන්න! මුදා ගන්න මා! සහය වන්න!!"
කැලෑව මැදින් වැටිලා තිබුණ පාර දිගේ සෙබළු එක්ක ආව ටේහ්‍යුන් කවුරු වුණත් ගෑණු ළමයෙක් උදව් ඉල්ලලා කෑ ගහනවා ඇහෙද්දි තමන්ගෙ කළු අශ්වයා ව නතර කර ගත්තෙ ටේහ්‍යුන්ට දෙපැත්තෙන් ආව ජීසන්ග් වගේ ම හෙසෝකුත් ටේහ්‍යුන් එක්ක ම නතර වෙද්දි..."කවුරුන් ද කියා පිරික්සමු හෙසෝක් අපගේ රාජ්‍ය සීමාවේ කාන්තාවක් අනතුරක වග දැන දැන නික්ම යා නොහැකී අපට..."
ටේහ්‍යුන් එහෙම කියලා කැලෑව පැත්තට අශ්වයාව යොමු කරද්දි ටේහ්‍යුන්ගෙ සෙබළු ඒ පැත්ත සෝදිසි කළා..."අධිරජුනි!"
පහළින් තියෙන හෙලට වැටෙන්න ඔන්න මෙන්න සීමාවෙ ඉඳන් ලොකු වෘකයෙකුට බයවෙලා කෑ ගහන රියුජින්ව දැක්කා ම ටේහ්‍යුන්ගෙ මූණට අමුතු හිනාවක් ආවා.." මුදා ගන්න අධිරජුනි මා... කරුණාකර..."
ඒ වෙද්දිත් තමන්ගෙ අතේ තිබුණ කඩුව එහෙම ම තියාගෙන ටේහ්‍යුන් තමන්ගෙ දණහිසේ රඳවලා තිබුණ කිණිස්ස වෘකයගෙ පැත්තට විසි කරද්දි වෘකයා කෙඳිරි ගාගෙන වැටුණෙ රියුජින්ගෙ ඇඟට ලේ විසි වෙද්දි..."අධිරජුනි! මගේ පරිවාර පිරිසට ඔවුන් පහර දුන්නා අධිරජුනි... ඔවුන් වීදි මංකොල්ලකරුවන් පිරිසක්... සියල්ල රැගෙන ගියා ඔවුන්...මා අසරණයි...මා හට පිහිට වන්න අධිරජුනි..."
රියුජින් ටේහ්‍යුන්ගෙ අශ්වයා ළඟ දණින් වැටිලා කකුලෙ එල්ලිලා අඬද්දි තමන් ඇසටෝරියාවේ ඉද්දි රියුජින් තමන්ට සලකපු විදිහ මතක් වෙලා ටේහ්‍යුන්ගෙ මූණෙ සමච්චල් හිනාවක් ඇඳිලා තිබුණා..."ජීසන්ග්...මැය ඔබේ අසු මත රැගෙන යා හැකි නොවේද?"
.
.
.
.
.
ටේහ්‍යුන් මාළිඟාවෙ නැති බව දන්න නිසා ජන්කුක් අඳුරු මායාවන් විනාශ කරන විදිහ ගැන පොතක් කියෙව්වත් අධිරජු මාළිගයට එන බව අණබෙර කරුවෙක් ඝෝෂය කරද්දි ජන්කුක් පොත තමන්ගෙ රෙදි දාලා තියෙන පෙට්ටියෙ පතුලට දාලා පෙට්ටිය ලොක් කරලා අමාරුවෙන් ඇඳ යටට තල්ලු කළා...
තාමත් තමන්ගෙ කුසේ වැඩෙන දරුවට මාස පහක් වගේ වුණත් ගෙවුණ මාස පහට ජන්කුක් ගොඩක් ඇදිලා ගිහින් තිබුණා... වෛද්‍යවරු දිගින් දිගට ම ප්‍රතිකාර කළත් ඒ කිසි දේක ධනාත්මක ප්‍රතිඵලයක් තිබුණෙ නෑ... ජන්කුක්ව එන්න එන්න දුර්වල වුණා හැරෙන්න...