" එවිට....එවිට ඔබේ ප්‍රේමයේත් මගේ දිවියේ මා හට සමීප වූ අන් සැමගෙන් ලද ව්‍යාජ ප්‍රේමයේත් අන්තරයක් නොමැතිද?ඔබත්....ඔබත්....රංගනයක ද යෙදුනේ මා එක් හිත්පිත් නැති අමනුශ්‍යයෙකු සේ සලකා?
පවසනු! පවසනු!හුඳෙක් මා ඝාතනයට ද එතරම් සෙනෙහසක් මවා පෑවේ? "
" හා! නිසැකව ම අන්තරයක් පවතිනවා එහි....
ඔවුන් ප්‍රේමය නමින් නුඹව මුලා කළා....නමුත් මා මුලාවක් නමින් නුඹට ප්‍රේම කළා!
දිනක නුඹේම ආත්මයේ ශාන්තිය උදෙසා නුඹව මගේ දෑතින් ම ඝාතනය කර දැමීමට තරම්! "
.
.
.
.
.
." මා හට හුදෙක් මාවත් ආරක්ෂා කර ගත නොහැකි මොහොතක ඔබව සුරකින බවට මුසා බස් දෙඩීමට මා ප්‍රිය නැහැ මගේ සඳ ......කරුණාකර මා හැර දා ඔබේ පවුල සමඟ නික්ම යන්න කුමරුනි....සැබෑවට ම මා හට ප්‍රේම කරන්නේ නම් ලොව කොහි හෝ අන්තයක රැඳෙමින් ප්‍රාණය ආරක්ෂා කර ගන්න...."
" සියල්ල අහිමි වූ තැනත් අත් නොහරින්නන්ට සැබෑ ප්‍රේමය නිසැකව ම හිමි වනවා මගේ කුමරුනි....
ඔබව අහිමිව වසර සියයක් විඳවනවාට අධික ව ඔබ සමඟ එක් මොහොතක් හෝ රැඳී ඔය උණුහුමේ මිය යාම මිහිරියි මා හට....
ඔබේ වදනට අකීකරු වන සේ වටහා ගන්න එපා මගේ කුමරුනි....නමුත් මා ඔබ හැරදා කොහි හෝ නැහැ යනුයේ...."
.
.
.
.
.
.
."මගේ සුදු නෙළුම...මෙයයි උචිතම අවස්ථාව කුමරුනි.... අගනුවරින් දුරකට නික්ම යන්න....ජනතාව....ඔවුන් ඔබව ආරක්ෂා කරනු ඇති....
වදන් දෙනවා මේ කුරිරු යුද්ධය අවසාන වූ දිනක මිය යාමට මොහොතකට පෙර හෝ ඔබව සොයා පැමිණෙන වගට...."
"ශ්ශ්....මා සැනසීමට සියල්ල යහපත් බව මවා පෑම අනවශ්‍යයි සෙන්පතිතුමනි.....ඔබ මෙන් ම මාත් හොඳින් ම දැනුවත් මෙහි අවසානය....
නමුත් ඔබ කෙසේද කල්පනා හෝ කළේ ඔබේ ඡායාවෙන් ඔබ්බට ගිය කළෙක මා සුරක්ෂිත වග?"
.
.
.
.
.
.
.
."ඔබට මේ ස්ථානය සුරක්ෂිත නැහැ....නික්ම යන්න...මා උතුමාණන්ට කුමක් හෝ පවසන්නම්....කරුණාකර නික්ම යන්න.....ඔබේ වේදනාවන් දැකීම රුචි නැහැ මා හට....ඔවුන් ඔබව පමණක් අත් නොහරීවි...."
"මගේ දීර්ඝ දිවියේ මා බොහෝ වේදනා තනිව විඳ දරා ගත්තා නමුත්....මේ පළමු වතාව මගේ වේදනාව පිළිබඳ යමෙක් කනස්සලු වන....මා එය නිශ්චය කර අවසන්....සැඟව ගොස් දිවි ගලවාගෙන ඔබේ මරණය දකිනවාට අධිකව මා ඔබේ පසින් වැතිර මියයාමට ප්‍රියයි...."
Phases of the Moon
බලපු ඩ්‍රාමා එකකින් ආව අදහසකට මම හැදුව ප්ලොට් එකක් ඉතිම්....බැලුවාම පේනවනෙ...hystorical, supernatural එකක්...
කැමති අය ඔලුව දාලා බලන්න....සප් එකක් දෙයි කියලා හිතනවා👀
ලායූ බබාලා💜💜💜💜💜
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
හායි රීඩර් බබූලා....👀❤️
අවුස්සලා යන්න ආවෙ සුට්ටක්😏🤭🤭
මේ පාර ඔයාලව අඬවන්න බලාගෙන ඉන්න අහිංසක මම (👁️👄👁️)......
Bye🌹
Sunshine 💖