"ම්හ්....හ්-හ්යුන්ගී..."
ජන්කුක් තොල් හපාගෙන කකුල් දෙකේ ඇඟිලිත් පොඩි කරලා ගුළි කරගෙන තොල් හපා ගනිද්දි ඔලුව උස්සලා බැලුව ටේහ්යුන් යන්තමට හිනා වෙලා මීට ටික වෙලාවකට කලින් කිසිම කැළලක් නැතුව තිබුණත් දැන් වෙද්දි තැනින් ගැන රතුවෙලා තියෙන ජන්කුක්ගෙ කිරිපාට පපුව මැද්දට හාද්දක් දීලා ඇඳ මිට්ටමට හේතුත් වෙලා වාඩිවෙලා ඉන්න ජන්කුක්ගෙ ඉණ වටේ අත් දෙක දාලා බඩට කම්මුලක් තද කරගත්තා..." ඔබ තුටින් නොවේද සිටින්නේ ජන්කුක්?"
තමන්ගෙ සැලසුම් නිසා පහුගිය දවස් ටිකේ ම තමන්ට ජන්කුක්ව මඟෑරුණා කියන එක ටේහ්යුන්ට තේරුම් ගිහින් තිබුණ නිසා අද අනිත් හැම වැඩක් ම කල් දාලා ටේහ්යුන් ජන්කුක්ගෙ මාළිඟාවට ආවෙ අද දවස ජන්කුක් එක්ක ගත කරන්න හිතාගෙන...උදේ තමන් එද්දිත් ජන්කුක් නිදාගෙන හිටිය නිසා ජන්කුක්ට එහා පැත්තෙන් ඇඳේ හාන්සි වෙලා හිටිය ටේහ්යුන් ජන්කුක් ඇහැරුණාට පස්සෙ ජන්කුක්ව කිති කව කව මූණ පුරා පපුව පුරා හාදු තියන්න ගත්තාම ජන්කුක් හිටියෙ හිනාවෙලා ම පණ ගිහින්...ටේහ්යුන් ආස කළා හිනාවෙද්දි ජන්කුක්ගෙ බෝල ඇස් දිලිසෙන විදියට...තනියම ඉද්දි අඳුරු වෙලා තියෙන ජන්කුක්ගෙ ඇස් තමන් ළඟ ඉද්දි දිලිසෙන විදියට ටේහ්යුන් ආදරේ කළා...ජන්කුක් ළඟ තමන්ට අමුතු නිදහසක් දැනෙන එකට ටේහ්යුන් හිත යටින් ලෝභ කළා...
ටේහ්යුන් නීති දාලා හිර නොකළත් ටේහ්යුන් බය වුණා ජන්කුක්ව තමන්ට නැති වෙයි කියලා...කාලෙකට කලින් ජන්කුක් තමන්ව ප්රතික්ෂේප කරලා නම්ජුන්ගෙ පස්සෙ ගිය විදිහ අමතක කරලා ඉන්න හැදුවත් ජන්කුක්ගෙ පුංචිම වෙනසක් වුණත් ටේහ්යුන්ට හරි ඉක්මනට ඒ දේවල් මතක් කළා...
ටේහ්යුන්ට ඕන කළා ජන්කුක්ව විශ්වාස කරන්න...ඒත් රියානා කරපු දේ එක්ක...ටේහ්යුන් බය වුණා කාවවත් විශ්වාස කරන්න...
"ජන්කුක්ට මව්පියන් බැහැ දැකීමට යාමට අවැසිද?"
ඒක ටේහ්යුන්ගෙන් තමන් බලාපොරොත්තු නොවුණ ප්රශ්නයක් නිසා ජන්කුක්ගෙ බෝල ඇස් ලොකු වුණත් ටේහ්යුන් එක්ක ශේහයි වලට ඇවිත් අවුරුදු දෙකකට කිට්ටු වෙලත් තවම එකම වතාවක්වත් තමන්ගෙ පුරුදු ගෙදරට ඒ වටපිටාවට නොගිය එකට වගේම ටේහ්යුන් නිකමටවත් එ ගැන ඇහුවෙ නැති එකටත් ජන්කුක් හිටියෙ දුකින්...ඒ වගේම තමන්ගෙ හැල්මොනී දැක්කෙ නැතිව ජන්කුක් හිටියෙ සාංකාවෙන් වගේ...