"සෙන්පති මින්!! කඳවුරට ආක්‍රමණයක්!! ගම්මානය ගිනිබත් වනවා! "
හේවායෙක් කෑ ගහගෙන ඇවිත් කූඩාරමේ උණබට වලින් හදපු දොරට ගහද්දි ජිමින්ව තුරුල් කරගෙන හිටිය යුංගි කලබලෙන් ඇඳෙන් බහිද්දි ජිමින්ටත් ඇහැරුණා..." පළමු පෙළ හේවායන් සටනට යොදවා සෙස්සන් ගම්වාසීන් මුදවා ගන්න!! වහාම ක්‍රියාත්මක වන්න!"
යුංගි දොර අරින්න මහන්සි නොවිම දොරෙන් එහා පැත්තෙන් ඉන්න හේවායට කෑ ගහලා ජිමින්ව අතින් ඇදලා අරන් පපුවට තුරුල් කරගෙන ජිමින්ගෙ ආභරණ සියල්ල ම ගලවලා දාලා තමන්ගෙ කළු ලොම් ලෝගුවක් පොරවලා හිස් ආවරණය උඩට කරලා මූණ වැහෙන්න හැදුවා..."ඔබ නික්ම යා යුතුයි ජිමින්... ස්මරණයේ රඳවන්න මා ඔබට බොහෝ ප්‍රේම කරනවා මගේ සුදු නෙළුම...මා හැකි විගස පැමිණෙනවා.."
යුංගි ජිමින්ගෙ කම්මුල දෝතට අරන් නළලට තොල් තද කරන ගමන් කියලා ජිමින්ගෙ අතින් ඇදගෙන කූඩාරම පිටිපස්සෙන් එළියට ඇවිත් තමන්ගෙ හීලෑම අශ්වයගෙ පිටට ජිමින්ව නග්ගලා අශ්වයට ඉදිරියට යන්න සංඥා කළාම රාත්‍රී අඳුර මැදින් කළු අශ්වයා වේගෙන් ඉදිරියට ඇදෙද්දි ජිමින් හුළඟට එහෙ මෙහෙ වෙන කබාය අතකින් මිරිකගෙන අනිත් අතින් අශ්වයගෙ ලණුව අල්ලගෙන ම ඈතින් අහසට නඟිනවා පේන කහ තැඹිලි පාට ගිනි දැල් දිහා බලාගෙන හිටියා.....
.
.
.
.
.
"යාගය කෙසේ හෝ සිදු විය යුතුයි!! එයයි අවසන් අඥාව! ඉදිරි පූර්ණ චන්ද්‍ර දිනයට පූර්වයේ යාගය සම්පූර්ණ කර සොහොන් ගැබ විවර කළ යුතුයි!!"
ඇසටෝරියාවේ අධිරජු නම්ජුන්ගෙත් ජිමින්ගෙත් පියාණන් කටහඬ උස් කරලා කියද්දි ඒ යාගය කේන්තියෙන් ඉන්න ටේහ්‍යුන්ගෙ අවධානය පහසුවෙන් ම තමන්ගෙ පැත්තට හරව ගන්න අනුවණ ක්‍රියාවක් කියලා වාද කරමින් හිටිය ඇමති මඬුල්ල නිහඬ වුණා...මාරාන්තික තුවාල ලබලා කාලයක් අසනීපෙන් ඉඳලා පළමු වතාවට රජසභාවට ආව යුවරජ නම්ජුන් වුණත් හිටියෙ මේ විවාදය හිසරදයක් වෙලා වුණත් නම්ජුන් හිටියෙත් ඇමතිවරුන්ගෙ පැත්තෙ... රජතුමා කරන්න යන්නෙ තේරුමක් නැති වැඩක් බව තමන්ට අවබෝධ වුණත් ඒක පියාණන්ට අවබෝධ කරවන්න උත්සාහ කිරීම අනුවණ කමක් බව වටහාගෙන හිටිය නම්ජුන් නිහඬව හිටියා...ඒ අතරෙ ම නම්ජුන් අසනීපෙන් නිසා මුළු වෙලාව ම නම්ජුන්ට එහා පැත්තෙන් හිටගෙන ඉන්න ජින්ගෙ ලා නිල් පාට සළු අතරෙ නම්ජුන්ගෙ අතේ ඇඟිලි ජින්ගෙ ඇඟිලි එක්ක පැටලිලා තිබුණා...
![](https://img.wattpad.com/cover/340915353-288-k972973.jpg)