" නවතන්න අධිරජුනි!!"
ජියෝන් මැඳුරෙ භෝජන ශාලාව පැත්තෙන් කලාතුරකින් සද්දෙට කතා කරන යුංගිගෙ කටහඬ ඇහෙද්දි රාත්රී ආහාරයට රැස්වෙලා හිටිය ජියෝන් පවුලෙ සියළු දෙනාම වගේම ටේහ්යුන්, නම්ජුන්,හෙසෝක්,ජීසූත් දොර පැත්තට හැරුණා..."කුමක් ද ගැටලුව යුංගි?"
හිටපු සෙන්පතිතුමා...ජන්කුක්ගෙ අප්පා අහද්දි යුංගි දොරෙන් ඇතුළට ඇවිත් හැමෝට ම ආචාර කළා..."පියාණෙනි...යුවරජුනි...අධිරජුනි...
මෙහි එක් භෝජනයක් වස මිශ්රිතයි... අධිරජුන්ගේ භෝජන පරීක්ෂා කළ රස පරීක්ෂක උග්ර විෂක් ශරීර ගත වීමෙන් මිය ගොසින්..."
යුංගි කියද්දි ජන්කුක්ගෙ අතේ තිබුණ වතුර වීදුරුවක් සද්දෙන් බිම වැටිලා කුඩුවෙලා යද්දි යුංගිට පිටිපස්සෙන් හිටගෙන හිටිය ජිමිනුත් ගැස්සිලා ගියා...ජන්කුක්ට කියලා හදපු රසකැවිලි ටික අරන් එන්න ගිහින් ගමන් පරක්කු වුණ නිසා දුවගෙන ආව ජිමින් යුංගි කිව්ව දේ ඇහිලා මඟ නතර වුණා..."කුමන බඳුනද කියා නිශ්චිතව හඳුනාගත හැකි වූවාද යුංගි? හ්යුන්ජින්?"
සෙන්පතිතුමා වාඩිවෙලා හිටිය තැනින් නැඟිටිද්දි ටේහ්යුන් ඇරෙන්න අනිත් හැමෝම වගේ කෑම මේසෙන් නැඟිට්ටත් ටේහ්යුන් කළේ බිම වාඩි වෙලා ම හැන්ද අතට මිරිකගෙන පුදුම වෙලා වගේ ඉන්න නම්ජුන් දිහත් ඇස්වල කදුළු පුරවගෙන ඉන්න ජන්කුක් දිහත් බලලා යුංගි දිහා බලපු එක..."සැක අනුව පියාණෙනි...ජන්කුක් තනිව සෑදු සුප් බඳුන... එය විෂ මිශ්රිතයි..."
යුංගි කියද්දි ජන්කුක් සමබරතාවය ගිලිහිලා පිටිපස්සට අඩියක් තියද්දි ජන්කුක්ගෙ කකුල බිඳුණු වීදුරුවට කැපුණා...ජිමින් පරක්කු නිසා කෑම ගන්න එක ප්රමාද කරලා හිටියත් ටේහ්යුන් හිටියෙ තමන්ට කියලා ජන්කුක් විශේෂයෙන් ම හදපු සුප් එකට දාපු හැන්ද අතින් අල්ලගෙන...ටේහ්යුන් වගේ ම අනිත් හැමෝම ජන්කුක් දිහා බලද්දි ජන්කුක් ඉකි ගැහෙන එක නවත්ත ගන්න ඇදගෙන ඉන්න කළුයි සුදුයි ඇඳුම මිරිකලා අල්ලගත්තා...
ජන්කුක්ට කරගන්න දෙයක් නෑ... කියන්න දේකුත් නෑ...සිද්ධ වුණ දේවල් කිසිදෙයක් ජන්කුක් දන්නෙ නෑ...