ජන්කුක් හිටියෙ කරන්න දෙයක් හිතා ගන්න බැරිව... චැන්යොල් අග රැජින, ජින්,ජිමින්,තව ප්‍රභූ කාන්තාවන් කීපදෙනෙක් ම එක තැනකට ළං කරලා ඒ වටා ආරක්ෂක ආවරණයක් නිර්මාණය කරද්දි ටේහ්‍යුන්ව හොයා ගන්න ඕනෙ නිසා ජන්කුක් එතනට ගියේ නැහැ.... හැම තැනකම සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් තද පාට කළු දෙබරු පියාඹද්දි ජන්කුක් අතකින් මූණ ආවරණය කරගෙන ම ටේහ්‍යුන්ව හොයාගෙන දිව්වත් කවුරුහරි අතින් ඇදලා ගත්තා ම ජන්කුක් ඒ පැත්තට ඇදිලා ගියා..." ය්-යුංගි හ්යුන්?"
" ඔබ කුමක්ද ආවරණයෙන් පිටත කරනුයේ ජන්කුක්!?"
යුංගි කෘමීන්ව ඈත් කරන්න රත්තරන් පාට ගිනිදැල් සක්‍රීය කරලා තිබුණ මායා අසිපත එහෙ මෙහෙ කරලා ඇවිත් හිටිය සත්තු එයාලා ළඟට එන එක වළක්වන ගමන් කෑ ගහද්දි ජන්කුක් අත අතෑරව ගත්තා...."ම්-මා...ටේහ්‍යුන් හ්යුන් සොයා ගත යුතුයි..."
ජන්කුක් එහෙම කියලා දිව්වත් යුංගි ඒ පස්සෙන් යන්න බැරි වුණේ කවුරුහරි විලාප තියන සද්දයක් ඇහුණ නිසා.....
.
.
.
.
.
.
.
.
."හ්‍යුන්ගී...හ්යුන්ගීඊ!!"
ජන්කුක් තමන්ගෙ බිමට දිග ඇඳුම එක අතකින් උස්සගෙන අනිත් අතේ තිබුණ ගිනි අවුලපු පන්දම එහෙ මෙහෙ වනන ගමන් මාළිඟාවෙ මිදුලට දුවද්දි එහෙ මෙහෙ දුවන මිනිස්සුන්ගෙ ඇඟේ හැපිලා ජන්කුක් කීපවතාවක් ම වැටෙන්න ගියත් ජන්කුක්ගෙ කල්පනාව තිබුණෙ ටේහ්‍යුන්ව හොයා ගන්න වෙද්දි දුවගෙන ආව ජන්කුක් කකුල පැටලිලා වැටෙන්න ගියත් වැටුණෙ නැති නිසා ජන්කුක් ඇස් ඇරලා බැලුවා..."හ්‍යුන්ගී!!"
තමන්ව ඉණ වටෙන් අත දාලා තනි අතින් අල්ලගෙන අනිත් අතින් තමන්ගෙ රිදීපාට ගිනි දැල් වලින් වටවෙලා තියෙන කඩුව අල්ලගෙන ඉන්න ටේහ්‍යුන්ගෙ ඇඳුම මිරිකගෙන ම ජන්කුක් කෑ ගහද්දි ටේහ්‍යුන් යන්තම් හිනා වෙලා ජන්කුක්ව කෙලින් හිටවලා අතින් අල්ලගත්තා....බලන බලන පැත්කෙ රැළි ගහන්න වගේ රංචු පිටින් පියාඹන කළු දෙබරු නිසා මිනිස්සු කලබල වුණත් ඇත්තට ම දෙබරුන්ගෙන් එතන බහුතරයකට වෙලා තිබුණෙ තනි දෂ්ටනයක් වගේ ඉතාම සුළු හානියක් ....