"මා මෙවන් විශ්වාස ද්‍රෝහයක් කිසිදා අනුමාන කළේ නැහැ අධිරජ නම්ජුන්!!"
ටේහ්‍යුන් තමන්ගෙ අතේ තියෙන ශේහයි රාජ්‍යයේ රහසිගත උමං මාර්ග සිතියමත් තමන්ගෙ ඉස්සරහ දණ ගස්සලා ඉන්න ඇසටෝරියාවේ හේවායා දිහත් බලන ගමන් කියද්දි හෙසෝක් වගේම ශේහයි සෙබළු කීප දෙනෙක් ම නම්ජුනුත් නම්ජුන්ගෙ හේවායනුත් අසිපත් එල්ල කරමින් වට කරගත්තා..."ම්-මා...මේ කිසිවක් පිළිබඳ දැනුවත් නොමැතියි අධිරජ ටේහ්‍යුන්... "
නම්ජුන් කියද්දි ටේහ්‍යුන් කට කොනින් හිනාවෙලා නම්ජුන් ගෙනත් ටේහ්‍යුන්ට දුන්න ගිවිසුමේ ලේඛනය දෙපාරක් නොහිතා දැල්වෙන ගිනි උඳුනට විසි කරද්දි රාජ්‍ය දෙක අතර සාමයට එකඟ වෙලා අධිරාජ්‍යයන් දෙදෙනාම එකඟ වෙලා අත්සන් තියපු ලියවිල්ල බලාගෙන ඉද්දි දැවිලා අළුවෙලා ගියා..."සාමය අවසන්....සියලු කඳවුරු වලට නැවත පහර දෙන ලෙස දන්වන්න..."
"නමුත් අධිර-"
"පහර දෙනු!!"
ටේහ්‍යුන් අඥා කරද්දි ශේහයි සෙබළු පහර දෙද්දි නම්ජුන් කරන්න දෙයක් නැති කමට ප්‍රතිප්‍රහාර එල්ල කරද්දි ජන්කුක් අත් දෙකෙන් කට වහගෙන වෙන දේ බලාගෙන හිටියේ සිද්ධ වුණේ කීයටවත් බලාපොරොත්තු නොවුණ දෙයක් නිසා...ශේහයි සෙබළු අතින් ඇසටෝරියාවේ සෙබළු මැරි මැරී වැටෙද්දි නම්ජුන්ගෙ නිල් මිශ්‍ර සුදු දුමාරයක් විහිදෙන කඩුවට ටේහ්‍යුන්ගෙ රතු මිශ්‍ර කළු දුමකින් වට වුණ අසිපත හරස් වුණේ ඇහැට පේන විදියට තරමෙ ගිනි පුපුරු විසි කරවමින්...
"අධිරජුනි!!"
"හ්‍යුන්!!"
නම්ජුන්ගෙත් ටේහ්‍යුන්ගෙත් සටන භයානක වෙද්දි රියුජින් ටේහ්‍යුන්ට කෑ ගහද්දි ජන්කුක්ට කෑ ගැහුණෙ නම්ජුන්ගෙ නම කියවිලා වුණත් ඒකට ටේහ්‍යුන්ගෙ කළු ඇස් රතු පාටට හැරුණා..."ආර්හ්..."
ටේහ්‍යුන්ගෙ අසිපත නම්ජුන්ගෙ වම් උරහිස පසාරු කරද්දි නම්ජුන්ගෙ අතින් කඩුව ඇතෑරෙනවත් එක්කම ටේහ්‍යුන්ගෙන් බඩට ලැබුණ පා පහර නිසා නම්ජුන් ටේහ්‍යුන් ඉස්සරහ දණින් වැටුණෙ නම්ජුන්ගෙ ඔටුන්න ගැලවිලා රෝල් වෙලා ගිහින් ටේහ්‍යුන්ගෙ කකුල් දෙක ළඟ නතර වුණා....