8 th Phase 🌙

151 29 18
                                    


ජන්කුක් හිටගෙන හිටියෙ පාරක් මැද.... එකපාරට ම තමන් කොහෙද ඉන්නෙ කියලා හිතා ගන්න බැරි ව ජන්කුක් වටපිට බලද්දී දැක්කෙ තමන්ට ඉස්සරහින් පොරකමින් කුමක් හෝ දිහා බලන්න දඟලන සෙනඟ අතරෙ ඉන්න ටේහ්‍යුන්ව....ජන්කුක් එතන හිටිය කෙනෙක්ට තට්ටු කරලා ඉස්සරහට යන්න ඉඩ ඉල්ලන්න හැදුවත් ජන්කුක්ගෙ අත ඒ කෙනාගෙ ඇඟේ වැදුණ බවක් ඔහුට දැනුණෙ නෑ....ජන්කුක් කෙනෙක්ගෙ ඉස්සරහින් හිටගෙන අත වැනුවත් ඔහු ජන්කුක්ගෙන් පිටුපස තිබුණ දෙයක් දිහා බලාගෙන හිනාවෙවී හිටියා.... තමන්ව මෙතන ඉන්න අයට පේන්නෙ දැනෙන්නෙ නෑ කියල තේරුණා ම ජන්කුක් ගිහින් ටේහ්‍යුන් ළඟින් හිට ගත්තා....

"අප කොහිද මේ සිටිනුයේ?"
ජන්කුක් තමන්ට ඉස්සරහින් පාරදිගේ එළලා තියෙන රතු පාට පලස දිහා බලාගෙන ඇහුවෙ සෙනඟ වටවෙලා ඉන්න උත්සවේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව....හැම තැනම රතුපාටින් වගේ ම රත්තරන් පාටින් සරසලා....බැලූ බැල්මට විවාහයක් වගේ....ඉදිරියෙන් තියෙන රජමැදුර සරසලා තියෙන විදිහට නම් රාජකීය විවාහයක්....

"මේ ශෙන්ග් රාජධානියේ රජ මැඳුර..... පෙනෙන අයුරින් නම් විවාහයක් හැඩයි...."

රජ මැදුරේ පියගැටපෙළ පාමුල ශේහයිහි මහරජු Shewoon Lee Jasuk තමන්ගෙ ඇමතිවරු පිරිවරාගෙන බලා සිටිද්දීරතු හා රත්‍රං පැහැති සේද සළු වලින් සැරසී සිටි තරුණියන් පෙරහරකට මැදිව පැමිණි රතු මිශ්‍ර රත්‍රං පැහැති සළුවලින් හා සුදු පැහැති මල් වැල් වලින් අලංකාර කරන ලද දෝලාවකින් එළියට බැස්සේ ජන්කුක් එතෙක් දැක තිබුණ සුන්දර ම කාන්තාව.....

රතු පැහැති සේද සළුවකින් මුහුණ ආවරණය කරලා රතු පැහැති මනාලියකගෙ ඇඳුමින් සැරසුණු ඒ කාන්තාව බැලූබැල්මට සුරඟනක් වගේ වුණා....සුදු පැහැති ඇඳුම්න් සැරසුණු සේවිකාවන් දෙදෙනෙකුගේ සහය ඇතිව පඩිපේළිය තෙක් ඇවිද ගිය ඇයගෙ දෑතින් සෙමෙන් අල්ලා ගත් මහරජු ඇයගේ මුව ආවරණය කරමින් තිබූ සළුව ඉවත් කළා....පෙනුමින් ඇය බොහෝ දුරට ටේහ්‍යුන්ට සමාන වුණා....ඇය සැබැවින්ම බොහෝ සුන්දරයි.....ටේහ්‍යුන්ගේ කඩවසම් බවට රහස ද ඇය ම යයි මට හැඟුණා....මගේ අනුමාන නිවැරදි නම් මේ ටේහ්‍යුන්ගෙ මව විය යුතුයි..,එවිට මා මේ සිහිනයක් ද දකිනුයේ.....

Phases of the MoonWhere stories live. Discover now