"ම්හ්....අහ්....ඔම්මාහ්..."
ජන්කුක් කෙඳිරි ගාගෙන ඇස් ඇරලා අත බිම ගහන්න උත්සාහ කළත් අත් දෙක ගැට ගහලා වගෙ දැනෙන නිසා අත් දෙක දිහා බැලුවාම ජන්කුක් දැක්කෙ කළු පාට මිශ්ර රතුපාට දුමකින් එයාගෙ අත් දෙක වටවෙලා තියෙන විදිහ...ජන්කුක්ට තමන්ව එහෙ මෙමෙ පැද්දෙන විදිහෙන් හිතාගන්න බැරිවුණා තමන් කොහෙද මේ ඉන්නෙ කියලා...ඒ නිසා ම ජන්කුක් දණගාගෙන වගේ ගිහින් තමන්ව හිර කරලා හිටිය කූඩුවෙ යකඩ කූරු ගහලා තියෙන දොර සද්දෙන් හෙලෙවුවා...ජන්කුක් ඇඳගෙන හිටිය ලා රෝස මිශ්ර සුදු පාට බිමට දිග ඇඳුමෙ තැනින් තැන මඩ ගෑවිලා සමහර තැන්වල පිදුරුත් ඇලිලා...ඒත් ජන්කුක්ගෙ ඔලුවෙ වැඩ කරපු එකම දේ තමන් එක්ක හිටිය ටේහ්යුන් කොහෙද කියන එක... ජන්කුක් බය වුණා ටේහ්යුන්ට කරදරයක් ද කියලා... ඒ නිසයි ජන්කුක් මේ තරම් කලබල වෙලා..
"කවුරුන් හෝ සිටිනවාද ? යාමට දෙනු!! මා නිදහස් කරනු!!"
ජන්කුක් කූඩුවෙ දොර හොලව හොලව ටික වෙලාවක් කෑ ගහලා ඊට පස්සෙ තමන් ලී සෙසන්ග්නිම්ගෙන් ඉගෙන ගත්ත මායාවක් උත්සාහ කළත් ජන්කුක්ගෙ අත්වලට මායා බාධක යොදලා තිබුණ නිසා ඒවා සාර්ථක නොවෙද්දි ජන්කුක් කකුල ළඟ තිබුණ බෙලෙක් පිඟානකට පයින් ගහලා එතනම එරමිණිය ගොතාගෙන වාඩිවුණේ කේන්තියෙන් තොල් දෙකත් නොපිට පෙරලගෙන....
.
.
.
.
"හ්යුන්ගී?"
හෙසෝක් කූඩුවෙ දොර ඇරලා දෙද්දි ඇතුළට ආව ටේහ්යුන් කට කොනින් හිනාවෙන ගමන් අත් දෙක පිටිපස්සට බැඳගෙන බිම වාඩිවෙලා ඉඳලා කලබලෙන් නැඟිටින ජන්කුක් දිහා බලාගෙන හිටියා....ඒත් ටේහ්යුන් හිටියෙ මීට කීප දවසකට කලින් තමන්ට ඇහුණ නම්ජුන්ගෙත් ජන්කුක්ගෙත් සංවාදෙ ආයෙමත් මතක් කරන ගමන්....
Flashback
"ජන්කුක්..."
ඇඳේ හාන්සි වෙලා හිටිය ටේහ්යුන්ගේ ඇස් ඇරුණේ එකපාරට ම නම්ජුන් ජන්කුක්ට කතා කරනවා ඇහෙද්දි... තමන්ගෙ හිතේ හොඳට පුරුදු සෙන්පති මැදුරේ උද්යානයේ තිබුණ වතුර මල අපැහැදිලි ලෙස මැවිලා පෙනෙද්දි ටේහ්යුන් ඇස් පියාගෙන ඒකට අවධානෙ දෙද්දි මැවෙන රූප තවත් පැහැදිලි වුණා...