ෆෙලික්ස් එක්ක භෝජනාගාරයට ආව ජන්කුක් බිම බලාගෙන ම ගිහින් ෆෙලික්ස් ඇතුළට එන්න කලින් කිව්ව තැනින් වාඩි වෙන්න හැදුවත් ජන්කුක්ගෙ අප්පා ජන්කුක් ව නතර කළා...."ජන්කුක්....මෙහි එන්න..."
ඇස් යටින් ෆෙලික්ස් දිහා බැලුව ජන්කුක් හෙමින් හිටපු සේනාධිපති තුමා ළඟට යද්දි ඔහු ජන්කුක්ගෙ අත් දෙකෙන් අල්ලලා ජන්කුක්ව දෙපැත්තට හරවලා බැලුවෙ හරිම සැලකිල්ලෙන්....
"ප්-පියාණෙනි?"
සිද්ත වෙන දේ හිතාගන්න බැරි නිසා ජන්කුක් හෙමිහිට කියද්දී දේයුන් හිනා වුණා...."මා පිරිකසූයේ මගේ සුරතල් කුමරුට යම් ආබාධයක් සිදු වී ඇති දැයි කියා... රාජකුමාර නම්ජුන් පැවසුවා පෙරදින ඔබ කළ හපන්කම්..."
දේයුන් හිනාවෙවී බොරුවට රවාගෙන කියද්දී ජන්කුක්ට හිනා ගියා...මට හිතාගන්න පුළුවන් ඇයි ජියෝන් ජන්කුක් ඒ තරම් හිතුවක්කාර කියලා...අප්පා කරන දේවල් වලට වචනයක්වත් නොකියද්දී ළමයා හිතුවක්කාර වෙන එක අහන්න දෙයක් නෑනෙ....
හිතින් එහෙම හිතුව ජන්කුක් හිනාවෙවීම සේනාධිපති තුමා පෙනංනුව අසුනෙන් වාඩි වුණා....එතන ජින්කුක්ගෙ ඔම්මා වගේ ම ජන්කුක්ගෙ දෙවනි සහෝදරයා මින් යුංගිගෙ ඔම්මත් හිටියා...ඊට ටිකක් එහායින් රූමත් බැලූබැල්මට අහිංසකයි කියලා පේන රූමත් තරුණියක් වාඩිවෙලා හිටියා...
රෝස් නූනා වෙන්න ඇති....
ඇත්තටම ජන්කුක් බය වුණා සේනාධිපතිතුමා තමන්ට බනින්න හදනවා කියලා...ඒත් කෑම කන වෙලාව පුරාවට ඔම්මලා දෙන්නා වගේ ම අප්පාත් ජන්කුක්ට ආදරෙන් සැලකුවා.....
ලී සෙසන්ග්නිම්...මං සතුටින්....මම ඔයාලව පරාද කරන්නෙ නෑ....
හිනාවෙවී කෑම කන්න හැදුවත් ඒ වෙලාවෙ තමයි ජන්කුක්ට මතක් වුණේ පවුලෙ හැමෝම හිටියට එතන ටේහ්යුන් නැහැ කියලා.... ජන්කුක්ගෙ සැමියා නම් අනිවාර්යයෙන්ම එයත් පවුලෙ කෙනෙක්....
"ට්-ටේහ්යුන් කොහිද?"
ජන්කුක් චොප්ස්ටික්ස් දෙක කටේ ඔබාගෙන ඇස් බෝල කරගෙන අහද්දි කෑම මේසෙ හිටිය හැමෝම හිටි ඉරියව්වෙන් ම ගල් වෙලා ජන්කුක් දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියෙ ෆෙලික්ස් ඔලුවෙ අත ගහ ගනිද්දී....