"ආහ්...යාආආ කුමක්ද කරනුයේ නුඹ!? මා බොහෝ සේ බියපත් වූවා හ්යුන්!"
ජිමින් මුලින් සද්දෙට කෑ ගහලා පස්සෙ නෝක්කාඩු කියන්න ගනිද්ද යන්තමට හිනාවුණ යුංගි විලේ ගල් බැම්මට අත් දෙක තියාගෙන ව්ල මැදට වෙන්න එකිනෙකා පසුපස පීනගෙන යන හංස ජෝඩුව දිහා බලාගෙන හිටිය ජිමින්ගෙ ඉණ වටේ අත් දෙක දාගෙන ජිමින්ව තුරුල් කරගත්තා ම ජිමින්ගෙ මූණෙ හිනාවක් ඇඳුණා..."රාත්රිය ශීතලයිනෙ ජිමින්...කුමක් ද මේ යාමයේ බැහැර කරනුයේ?"
යුංගි ජිමින්ගෙ උරහිසට නිකට තියාගෙන අහද්දි ජිමින් යුංගිගෙ ඔලුවට ඔලුව බර කර ගත්තා..."මාගේ කුටියට මේ ස්ථානය බොහෝ අලංකාර ව දිස් වනවා හ්යුන්... සැතපීමට නොහැකී මේ දර්ශනය දකින විට..."
ජිමින් පොකුණ දිහා බලාගෙන ඉද්දි යුංගිගෙ ඇස් නතර වෙලා තිබුණෙ හඳ එළියට දිලිසෙන ජිමින්ගෙ පිම්බුණු කම්මුල් දිහා..."ඔවුන් දෙදෙනා දුටුවා ද හ්යුන්? ඔබට කුමක් ද සිතෙනුයේ ඔවුන් දෙදෙනා දකින විට?"
ජිමින් විලේ ඈත තාමත් තමන්ගෙ සහකරුව ලුහුබඳින හංස ධේනුව පැත්තට අත දික් කරන ගමන් අහද්දි යුංගි ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා..." ම්ම්...මා උපන් දා පටන් යුධයට පුහුණු වූවෙක් ජිමින්... මා හට ඔබට වැනි කලාත්මක අදහස් පහළ වන්නේ නැහැ ඉතින්...මට අනුව නම්....එය එක්තරා ආකාරයක ශක්තිය අපතේ හැරීමක්..."
යුංගි කියද්දි ජිමින් තොල් දෙක උල් කරගෙන යුංගි දිහා බැලුවා ම යුංගි හිනාවෙලා ජිමින්ගෙ කම්මුලකට තොල් තද කළා..."ච්...කෙතරම් නීරසද...කිසිත් කලාත්මක අදහසක් නොමැතී..."
"නිසියි නිසියි මගේ සුදු නෙළුම...මා ඉතින් පැවසූවේ යුදුවෙකුගේ අදහසනේ... දැන් පවසන්නකෝ ඉදින් සියුමැලි කලාවට ලැදි රජ කුමරුවෙකුගේ අදහස..."
යුංගි ජිමින්ගෙ බෙල්ලට නහයෙන් කිති කවන ගමන් අහද්දි ජිමින් යුංගිගෙ කම්මුලට අත තියලා ඈත් කරන්න හැදුවත් යුංගි ජිමින්ව තමන්ගෙ පැත්තට හරවලා බැම්මට හේත්තු කරන ගමන් තමන්ගෙ අත අස්සෙ ගුළි වෙලා තියෙන ජිමින්ගෙ රෝසපාට අත්ලට හෙමින් පිම්ඹා..."බොහෝ සේ ශීතල වෙලා ඔබ ජිමින්..."
ජිමින් හිනාවෙලා යුංගිගෙ කම්මුල් දෙකට අත් දෙක තියාගෙන කකුලෙ ඇඟිලි තුඩුවලින් ඉස්සිලා යුංගිගෙ තොල් තද කරලා හිනාවුණා...