"හ්හ්...සාමය පිළිබඳ කතිකා කිරීම උචිත ලෙසයි මා හට හැඟෙනුයේ සෙන්පති මින්...පූර්වයේ සිදු වූයේ වරදවා වටහා ගැනීමක් වග අධිරජු ටේහ්‍යුන් හට ඒත්තු ගැන්වීමට උත්සාහ දරණවා මා හැකි විලසින්..."
"නමුත් අධිරජුනි....එය එතරම් ආරක්ෂා සහිත නොමැතියි මේ සමයේ ඔබ එහි තනි-"
"හ්හ්...යුධයෙහි එක් පාර්ශවයකට විජය හිමි වන සේ අප පැවසුවත්....
දෙපිරිසට ම ගණන් කළ නොහැකි ජීවිත හානි දේපල හානි අලාභ සමඟ එක් පිළකට උරුම වන විජයේත් අනෙක් පිලට උරුමවන පරාජයේත් අන්තරයක් නොමැතියි සෙන්පති මින්...
මෙවර සාමය උදෙසා වේතනය මාගේ ප්‍රාණය නම් එයින් ගෙවා හෝ-"
"අධිරජුනි!!"
"හ්‍යුන්!"
යුංගි,හ්‍යුන්ජින් වගේම ජිමිනුත් කෑ ගහද්දි නම්ජුන්ට හිනා ගියා...."ඔබ තිදෙනාටම මැනවින් වැටහුම් වනවා මේ යුධයේ අවසන සියල්ල පෙර පරිදි නොවන වග...එසේ ම අධිරජ ටේහ්‍යුන්ගේ අඳුරු මායාවන් මතින් විජය ලැබීම අප හට අසම්භව්‍ය වග... ඉදින් මේ සටන ඉදිරියට ගෙන යාම ඇර්ථ විරහිතයි...මා සාමය උදෙසා කතිකා කරනවා....මෙවර මා උත්සහය අත් හරිනුයේ නැහැ..."
නම්ජුන් ජිමින්ගෙ උරහිසට තට්ටු කරලා කියද්දි ජිමින් ඇස්වල කඳුළු පුරවගෙන බිම බලාගත්තා..."යුංගි,හ්‍යුන්ජින්....මා උදෙසා සියල්ල හැකි පමණින් නිසිව තබන්න... සියල්ල විය යුතු අයුරින් විසඳේවි...
යම් හෙයකින් මේ මා ඔබ හමුවන අවසන් අවස්ථාව නම්....මගේ සඳට පවසන්න...මා ඔහුටත් අපේ පුංචා පුතුටත් ප්‍රාණයට අධිකව ප්‍රේම කරන වග....
මගේ සඳට පවසන්න ඔහු පීඩාකාරී මගේ දිවියේ සොඳුරු වසන්තය වග.... වරක් වසන්තය නිමා වූවත්...නිසැකව ම කටුක සිසිරයට පසු නැවතත් වසන්තය උදාවන වග..."
නම්ජුන් යුංගිගෙ උරහිසට තට්ටුවක් දාලා යුංගිව බදාගෙන හ්‍යුන්ජින්ගෙත් පිටට තට්ටුවක් දාලා වතාවක් බදා ගත්තා..."ඔබ දෙදෙනා අනගි මිතුරන්... සැබැවින්ම මිත්‍රත්වය ඉක්මවා ගිය පක්ෂපාතී සහෘදයින්...මා දෛවයට ස්තූතිවන්ත වනවා නුඹ දෙදෙනා මා සමඟ රැඳවීම පිළිබඳව..."