One year later"මගේ සඳ..."
"අහ්.."
සිනිඳු සේද ඇතිරිලි වලින් සරසලා තිබුණ ලොකු ඇඳේ මැද්දට වෙන්න නිදි කරලා හිටිය තමන්ගෙ පණ ටික දිහා බලාගෙන කල්පනාවක හිටිය ජින් තමන්ගෙ ඉණ වටේ එතුණ දරදඬු අත් දෙකක් එක්ක තමන් ළඟම දැනුණ පුරුදු සුවඳට ගැස්සිලා ගියත් නම්ජුන්ගෙ ගැඹුරු කටහඬින් තමන් අහන්න ආසම වචන කීපයක් කන ළඟෙම ඇහෙද්දි ජින්ගෙ ඇස්වලට කඳුළු පිරුණා..."ම්-මගෙ කුමරුනි!"
ජින් ඇස්වල කදුළු පුරෝගෙන ම ආපස්සට හැරෙන ගමන් නම්ජුන්ගෙ බෙල්ල වටේ අත් යවලා නම්ජුන්ගෙ ඇඟේ එල්ලුණා..."මගේ සඳට මා බොහෝ සේ ස්මරණ වී ඇති හැඩයි..."
නම්ජුන් ජින්ගෙ ඔලුව අතගාලා ආභරණ කීපෙකින් විතරක් සරල විදියට සරසලා තිබුණ තද කළුපාට සිනිඳු කොණ්ඩෙ උඩින් හාද්දක් තිබ්බා..."මා බිය වූවා ... ඔබ බොහෝ සෙයින් ප්‍රමාද වූවානේ..."
ජින් අඬන්න කිට්ටු කටහඬකින් නම්ජුන්ට තුරුල් වෙලා කියද්දි නම්ජුන්ගෙ මූණ ඇකිලෙනවා දැකලා ටිකක් උවමනාවෙන් නම්ජුන් දිහා බලද්දි තමයි ජින් දැක්කෙ නම්ජුන්ගෙ උරහිසක් තුවාල වෙලා බව..."කුමරුනි ඔබට ආබාධයි!"
ජින්ට කෑ ගැහෙද්දි නම්ජුන් හිනාවෙවී තමන්ගෙ ලොකු අතකින් ජින්ගෙ කට වහද්දි ජින්ගෙ ඇස් දෙක ඇරි මුළු මූණම නම්ජුන්ගෙ අතට වැහුණා..."ශ්ශ්...ඝෝෂා කරන්නෙපා සොක්ජින්... මගේ කුමරු සැතපෙනවානේ...හැරත් මෙය එතරම් විසල් ආබාධයක් නොවෙයි...අප ප්‍රතිකාර කරමු...මගේ සඳ මේ දෑතින් ම ප්‍රතිකර කරන්න මා හට..."
නම්ජුන් තමන්ගෙ අත්ලට වැහිලා තියෙන මූණෙ ලොකු වෙලා තියෙන ජින්ගෙ කළු ඇස් දිහා බලාගෙන හිනාවෙවී කියලා ජින්ගෙ ඉණ වටේ තිබුණ අත තව ටිකක් හිර කරලා ජින්ව ඇඟට හිර කරගෙන මෙච්චර වෙලා ජින්ගෙ මූණ ආවරණය කරගෙන හිටිය අත ජින්ගෙ ඔලුව පිටිපස්සට තියන ගමන් ඇස් දිහා බලාගෙන ම තොල් වලට පහත් වෙද්දි ජින්ගෙ හීන් දිග ඇස් පියවිලා ගියේ ඒ හීන් රෝසපාට ඇඟිලි තුඩු වලට නම්ජුන්ගෙ ඇඳුම මිරිකෙද්දි....
.
.
.