"අහ්..."
අමාරුවෙන් ගල් ළිද ළඟ ඉඳලා උස්සගෙන ආව ලොකු වතුර පනිට්ටුව අත් දෙක වෙව්ලලා කකුල් දෙක පාමුල බිම ඉහිරිලා යද්දි ජන්කුක්ට කෙඳිරි ගෑවුණා...ජන්කුක් තමන්ගෙ වෙව්ලන අත් දෙක දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා දණහිස් දෙකට අත් දෙක තියන් පහත් වෙලා වතුර ඉහිරුණු තැනට ටිකක් එහායින් බිමින් වාඩිවුණා...ජන්කුක්ගෙ අත් දෙකේ මඩ ගෑවිලා...ඒවා තිබුණට වඩා ගොරෝසු වෙලා...තැනක දෙකක කරගැටත් ඇවිත්...
ගෙවුණ මාස හත අටට ජන්කුක් වින්ද දුක ජන්කුක්ට කියන්න වචන නැති තරම්...ඒ කාලෙ පුරාවට ජන්කුක්ට ගොඩක් කාලෙකට කලින් වගේ දැනෙන සෝල්වල ජියෝන් මැන්ශන් එක...එයාගෙ පවුල මතක් වුණා...ඊට පස්සෙ යුධ දෙවියන්ගෙ මාළිඟාව මතක් වුණා... ඇසටෝරියාවල සෙන්පති මැදුර මතක් වුණා...එයාගෙ පවුලෙ අය මතක් වුණා... ජන්කුක්ට දවසට කියන්න බැරි වාර ගානක් පරණ දේවල් මතක් වෙද්දි ජන්කුක් හැමදාමත් එයා අයිති තැන හිතාගන්න බැරිව ඇඬුවා...
ඒ හැමදේම අතරෙ ජන්කුක්ට ඔයා ටේහ්යුන් එක්ක කරපු දේවල් මතක් වෙද්දි ජන්කුක්ට ඉකි ගැහුණා... ජන්කුක් ආවෙ ටේහ්යුන්ව විනාස කරන්න හිතාගෙන වුණත් ගෙවුණ ටික කාලෙට ජන්කුක් හිතුවා එයාට ටේහ්යුන්ව වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා...ජන්කුක් විශ්වාස කළා ටේහ්යුන්ව හරි පාරට ගන්න එයාට පුළුවන් වෙයි කියලා...ජන්කුක් හිතුවා තමන් ටේහ්යුන්ට දුන්න ආදරේ ආපිට තමන්ට ලැබෙයි කියලා...
ඒත් ටේහ්යුන් ශේහයිවල තමන්ගෙ තැන හදා ගන්නකල් ඇසටෝරියාවල ඉන්න තමන්ව පාවිච්චි කරලා කියලා හිතුණා ම ජන්කුක්ට කෑ ගහලා අඬන්න ඕනෙ වුණා....
ජන්කුක්ගෙ ලා රෝස පාට ඇඳුමෙ යට වාටිය මඩ ගෑවිලා ම දුඹුරු පාට වෙලා... ජන්කුක්ගෙ හැමවෙලාවක ම දිලිසෙන කළු බෝල ඇස් මහන්සියෙන් හෙම්බත් වෙලා... ඒත් ඒ ටැංකිය පුරවන්න තව වතුර බාල්දි පහළොවක් වත් අදින්න වෙනවා... උදේටත් කාලා නැතිව තද අව්වෙ ජන්කුක් ඇස් ඇරගෙන හිටියෙත් හරි අමාරුවෙන් වෙද්දි වැඩේ ඉවර නොකර බැරිකමට ජන්කුක් වාඩිවෙලා හිටිය තැනින් නැඟිට්ටත් ජන්කුක් අඩියක් දෙකක් යන්න කලින් ම හැමදේම කැරකෙන්න අරගෙන වටේ කළුවර වෙලා යද්දි ජන්කුක් මඩ ගොඩේම ඇදගෙන වැටුණා....