25 th Phase 🌙

146 31 17
                                    

"ජන්කුක්!!"
තමන්ගෙ කුටියට වෙලා හතරවටෙන් ඇඟේ එල්ලලා තිබුණ ආභරණ ගොඩ දිහා බල බල ඇඟ කසන ගමන් හිටිය ජන්කුක් ගැස්සිලා ගියේ තමන්ගෙ පිටිපස්සෙන් ඇහුණ හුරතල් කටහඬට..ජන්කුක් දන්නවා ඒ කවුද කියලා...

ඒත් මාස ගානකට පස්සෙ තමන්ගෙ යාළුවො දෙන්නව දැක්කා ම ජන්කුක්ට හැරිලා බලන්න බය හිතුණා ඇඬෙයි කියලා...

" ජන්කුක්...ඔබව බොහෝ සේ ස්මරණ වූවා මා හට!! ඔහ්...ඔබ බොහෝ අලංකාරයි අද ජන්කුක්!!"
ජිමින් ජන්කුක්ගෙ ඇඟේ එල්ලිලා ජන්කුක්ව එහෙ මෙහෙ හරවන ගමන් කියද්දි ජන්කුක් ඇස් වල කඳුළු පුරවගෙන ටිකක් ඈතින් ඉන්න ෆෙලික්ස් එක්කත් හිනා වුණා...

"ම්-මා හටත්...ස්මරණ වූවා..."
ජන්කුක් අමාරුවෙන් එහෙම කියද්දි ජිමින් ජන්කුක්ව ආයෙ පාරක් චප්ප වෙන්න බදාගෙන ටිකක් ඈතට වුණා...

"අවසානයේ ඔබ මටත් පෙර ම දෙවන වරටත් විවාහ වනවා ජන්කුක්!!"
ජිමින් ඉණට අත් දෙක තියාගෙන ජන්කුක්ගෙ වටේ කැරකිලා බලලා කියද්දි සද්ද නැතුව ඇතුළට ඇවිත් හිටිය යුංගි ජිමින්ව පිටිපස්සෙන් තුරුල් කරගත්තා ම ජිමින් ගැස්සිලා ගියා...

"මදක් ඉවසා සිටින්න මගෙ සුදු නෙළුම... නුදුරු දිනකදී ම නුඹටත් විවාහ වීමට සිදු වේව..."
යුංගි ජිමින්ගෙ කම්මුලට හාද්දක් දීලා කියද්දි ජන්කුක්ගෙ බෝල ඇස් තව ලොකු වුණා..

"ඔබ දෙදෙනා!?"

"හා...අප දෙදෙනා විවාහ ගිවිසගෙන සිටිනුයේ... අවසානයේ මා ඔබේ සොයුරෙක් වූවා ජන්කුක්!"
ජිමින් තමන්ගෙ රත්තරන් පාට නූල්වලින් වැඩ දාපු බිමට දිග ඇඳුම අත් දෙකෙන් අල්ලගෙන උඩ පනිද්දි යුංගි විවාහ ඇඳුමෙන සැරසිලා ඉන්න ජන්කුක්ව තද කරලා ම වැළඳගත්තා...

"ඔබ නොමැතිව දිවිය බොහෝ හිස් වූ සේ හැඟුණා ජන්කුක්...සියල්ල නිසිව සිදුවනවා නොවෙද? ඔබට යම් ගැටලුවක් නම්....ඔබට හැකියි ඔබේ සොයුරාට නොසඟවා පැවසීමට ජන්කුක්..."
යුංගි ජන්කුක්ගෙ හිස් පළඳනා තොගයකින් සරසලා තිබුණ ඔලුව උඩ අතක් තියන ගමන් ජන්කුක්ගෙ ඇස්වලට එබිලා අහද්දි ජන්කුක් ඇස්වල කඳුළු පුරවාගෙන හිනා වුණා...

"සි-සියල්ල න්-නිසිව ස්-සිදු වෙනවා යුංගි හ්-හයුන්...ම්-මා හට සතුට දරා ගත නොහැකී...ඔබ...ඔබ සියළු දෙනාව ම බොහෝ සේ සිහි වූවා මා හට...ගෙවුණු කාලය පුරාවට..."
ජන්කුක් යුංගිගෙ පපුවට ඔලුව හේත්තු කරගෙන කියද්දි යුංගි වචනෙන් කියන්න බැරි තරම් ආදරේකින් එයාගෙ පුංචි මල්ලිගෙ ඔලුව අතගෑවා...

Phases of the MoonWhere stories live. Discover now