27 th Phase 🌙

150 26 3
                                    


"ආව්හ්... ත්-තවත් න්-නොහැකි... ආආහ්!!"
ජින් ෆෙලික්ස්ගෙ අත පාර හිටින තරමට මිරිකගෙන දත් මිටි කාගෙන කියද්දි කර කියාගන්න දෙයක් නැතිව හිටිය ෆෙලික්ස්ව ඉස්සහර තිබුණ පදුරු ටික හෙලවෙද්දි බයට ම සීතල වුණා...

"මා සමඟ පැමිණෙන්න..."
පඳුරු අතරින් ආව ලස්සන ගෑණු ළමයෙක් පඳුර ඈත් කරලා කියද්දි ෆෙලික්ස් කරන්න දෙයක් නැති අසරණ කමට ඒ කෙල්ලව විශ්වාස කරන්න තීරණය කළා...

"පඳුරු අතරින් ආව ලස්සන ගෑණු ළමයෙක් පඳුර ඈත් කරලා කියද්දි ෆෙලික්ස් කරන්න දෙයක් නැති අසරණ කමට ඒ කෙල්ලව විශ්වාස කරන්න තීරණය කළා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔහුව ගුහාව ඇතුළතින් හාන්සි කරවන්න...හැකි තරම් නිශ්ශබ්දව රැඳෙන්න..."
හිටිය තැනින් පහළට තිබුණ උමඟක් වගේ පාරක කෙළවර තිබුණ ගල් වලට ආවරණය වුණ ගුහාවක් පෙන්නලා ඒ කෙල්ල කියද්දි ෆෙලික්ස් ඔලුව වනලා ඇතුළට ගියේ ඒ වෙද්දිත් ජින්ව වෙව්ලන්න අරන් තිබුණ නිසා...ජින්ගෙ ඇස්වලින් වේදනාව දරාගන්න බැරි තැනම ද කොහෙදෝ කඳුළු බේරෙන්න අරන්...

ෆෙලික්ස් ආයෙ හැරිලා බලද්දි ඒ කෙල්ල පේන්න හිටියෙ නැහැ...ඒත් මෙතන තරමක් ආරක්ෂිතයි කියලා දැනුණ නිසා ෆෙලික්ස් ජින්ට හාන්සි වෙන්න තමන්ගෙ සළුවක් එළලා පුළුවන් විදියට ඉඩ හදලා දුන්නා..

"ආහ්...ආආආආහ්...න්-නම්-ජ්-ජුන්හ්....ආආහ්!!"

"කුමරුනි....නිශ්ශබ්ද වීමට පැවසීම අනුචිතයි නමුත්..."
ෆෙලික්ස් ජින්ගෙ අත අත් දෙකොන් ම අල්ලගෙන ජින්ට ශක්තියක් වෙන්න උත්සාහ කරන ගමන් කියද්දි ජින් තමන්ගෙ ම සළුවක් පොඩි කරලා හපා ගත්තෙ කෑ ගැහෙන එක නතර කර ගන්න...

ඒ වේදනාව මේ ලෝකෙ හැම අම්මා කෙනෙක් ම දරණ කෙනෙක් ජීවිතේ උහුලන අසීරුම වේදනාව වෙද්දි මලක් වගේ හැදුණ ජින් වනාන්තරයක් මැද්දෙ අඩුම තමන්ගෙ ස්වාමියාවත් නැතිව අසරණ වෙලා හිටියා...දරුවාව මේ ලෝකෙට ගේන එකත් ජීවිතයත් මරණයත් අතර සටනක් වෙද්ධි ඒ වගේ තීරණාත්මක මොහොතක තමන්ව මරන්න හොයන පිරිසකගෙනුත් ජින්ට හැංගෙන්න වෙලා තිබුණා...

Phases of the MoonWhere stories live. Discover now