"ඔබ නැවත පැමිණෙන දිනක්?"
ටේහ්‍යුන් ජන්කුක්ගෙ අතින් අල්ලගෙන අහද්දි ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඇස් මඟෑරලා බිම බලා ගත්තා..."සෙන්පති මින්ගේ හා රාජකුමාර ජිමින්ගේ මරණයට මා ඔබෙන් ක්ෂමාව අයදින්නේ නැහැ ජන්කුක්...
ඔබට හැකියි අවැසි තරම් කාලය ගෙන නැවත මැදුරට පැමිණීමට...මා අපේක්ෂා කරනවා ඔබ තත්ත්වය වටහා ගනීවි යයි කියා..."
ටේහ්‍යුන් කියද්දි ජන්කුක් බිම බලාගෙන ම හිටියෙ තමන්ට කියන්න දෙයක් නැති නිසා...ටේහ්‍යුන් ජන්කුක්ගෙ අතට සිසිල් බීම වීදුරුවක් දෙන ගමන් තමන්ගෙ මත්පැන් බඳුන අතට ගත්තෙ ජන්කුක් මාළිඟාවෙන් පිටත් වෙන්න කලින් අවසන් වතාවට සව්දිය පුරන ගමන්...
ජන්කුක් තමන්ගෙ බඳුන අධිරජුගෙ බඳුන සමඟ යන්තමින් ගැටෙන්න සලස්වලා තමන්ගෙ අශ්වයව සූදානම් කරන හේවායන් දිහා අරමුණක් නැතිව බලාගෙන හිටියෙ රියුජින් තමන් දිහා බලාගෙන ඉන්න එක හිතාමතා ම මඟෑරලා...
ජන්කුක් දන්නවා තමන් යනවා කියන්නෙ රියුජින් ටේහ්‍යුන්ට ළං වෙනවා කියන එක කියලා...ඒත් බලෙන් රණ්ඩු වෙලා ටේහ්‍යුන්ට අයිතිවාසිකම් කියන්න ආත්මාර්ථකාමී වෙනවට වඩා ජන්කුක්ට වෙන අරමුණක් තිබුණා...ටේහ්‍යුන්ව වැටෙන්න යන අගාධයෙන් ගොඩ ගන්න ඕනෙ...තමන්ට අද බේර ගන්න බැරි තමන්ගෙ පවුල අනාගතේ දි හරි බේර ගන්න ඕනෙ...
ආදරෙයි කියලා ළඟ තියාගන්න ආත්මාර්ථකාමී වුණොත්...තව අවුරුදු දහස් ගානකට ටේහ්‍යුන් වගේ ම ඉපදෙන හැම කෙනෙක් ම අඳුර රජයන ලෝකෙක දුක් විඳිනවා...ජන්කුක්ට ඒක ඕන කළේ නැහැ...මේ වතාවෙ ඒ අත අතෑරගෙන හරි හැමදේම හරි ගස්සන්නයි ජන්කුක්ට ඕන කළේ... ජන්කුක් උත්සාහ කළා ටේහ්‍යුන්ට වෛර කරන්න...ඒත් බැහැ... ජන්කුක්ගෙ හිත අන්ධව ම ටේහ්‍යුන්ට බැඳිලා...පුරහඳ පායන්න දවස් දෙකක් විතරයි තියෙන්නෙ...ජන්කුක් පුළුවන් ඉක්මනට යන්න ඕනෙ...
[.
.
.
.
.
"හෙසෝක්..."
ටේහ්‍යුන් අත් දෙක පිටිපස්සට බැඳගෙන පොකුණෙ ඒ පැත්තට මේ පැත්තට පීනන මාළු දිහා බලාගෙන කතා කරද්දි හෙසෝක් ටේහ්‍යුන් ළඟට ඇවිත් ආචාර කළා...