ඇසටෝරියාවත් ශේහයි රාජ්යයත් වෙන් කරන සීමාවෙ යුධ කඳවුරකට හ්යුන්ජින් එක්ක ආව යුංගි ඇඳේ ගුළිවෙලා ඉන්න ජිමින් දිහා බලාගෙන හිටියා...
ජිමින් හරි පුංචියි...යුංගිට වඩා අවුරුදු කීපයක් ම බාල ජිමින්ව යුංගිට හැම වෙලාවෙම දැනුණෙ ගොඩක් පොඩියට...හ්යුන්ජින් ම එයාලව හොයාගන්න කල් හිරවෙලා හිටිය ගුහාව ඇතුළෙදි යුංගි ජිමින්ව ඊයෙ රෑ ආවරණය කරපු බාගෙට විනිවිද පෙනෙන තැඹිලි පාට සළුව තවමත් උරහිස් වටෙන් රඳවගෙන ඉන්න ජිමින්ව දැක්කා ම යුංගිගෙ මූණට හිනාවක් ආවා...ඒත් ඒක හරි වේදනාබර හිනාවක් බව යුංගිගෙ ඇස්වලින් හොඳට ම පැහැදිලි වුණා..
යුංගි දන්නවා මේ යුද්ධෙ අවසානය ටේහ්යුන් දිනන එක කියලා...ජන්කුක් ටේහ්යුන්ට වටින නිසා යුංගිට ඒ ගැන බයක් තිබුණෙ නැහැ...ඒත් ජිමින්,ජින් දෙන්නා ගැන යුංගි නොසෑහෙන්න බය වුණා...රියුජින්ට ටේහ්යුන්ගෙන් බේරිලා පැනලා යන්න බැරි නැහැ...
ඒත් ජිමින්... නම්ජුන් ළඟට ඇසටෝරියාවේ පාලන බලයේ ලේ අයිතිය තියෙන්නෙ ජිමින්ට...ජිමින් යුංගි නිසා රජකම අත් ඇරියත් නම්ජුන් එයාගෙ දරුවෙක් රජකම බාරගන්න සුදුසු වයසක නැති කාලෙක මැරුණොත් ජිමින්ට ඒ අයිතිය ලැබෙනවා...
ටේහ්යුන් දිනනවා කියන්නෙ යුංගිවත්, නම්ජුන්වත් තවදුරටත් හුස්ම ගන්නෙ නැහැ කියන එක හොඳට ම පැහැදිලි වෙද්දි යුංගි බය වුණා ටේහ්යුන් ඊළඟට ජිමින්ගෙ පාරෙ පන්නයි කියලා...යුංගි බය වුණා නම්ජුන්වත් නැතිවෙලා දරුවත් නැති වුණොත් දුක දරා ගන්න බැරිව ජින් මැරිලා යයි කියලා...
යුංගිගෙ හිතට එන නරක දේවල්වල සීමාවක් නැති වෙද්දි යුංගි බර හුස්මක් පාත දාලා ජිමින්ව තුරුල් කරගෙන ඇඳෙන් හාන්සි වුණා...
.
.
.
.
.
.
"කුමරුනි!"
රෑ යාගයට කියලා ගිය නම්ජුන් ඉර මුදුන් වෙලාව වෙනකල් ම ආයෙත් ආවෙ නැති වෙද්දි ජින් හිටියෙ හත ඇතුළෙ පත්තු වෙන ගින්දර ඇස්වලින් උණු කදුළුවලට හරවලා ලෝකෙටම හොරෙන් හංගගෙන...