24 th Phase 🌙

168 28 8
                                    


"කවුරුන්ද ඔතැන!?"
මින්හ්‍යුන් තමන්ව සිප ගනිමින් සිටි තරුණියව පැත්තකට තල්ලු කරලා කඩුව අතට ගන්න ගමන් අහද්දි මෙතෙක් වෙලා අර්ධ වශයෙන් විනිවිද පෙනෙන ජනෙල් රෙද්දෙ ඇඳිලා තිබුණ හෙවණැල්ල අතුරුදහන් වෙලා ගියා...

"සෙබළුනි!! සෙබළුනි!!"
මින්හ්‍යුන් කෑ ගහද්දි තරුණිය මොනවාහරි කියන්න උත්සහ කළත් මින්හ්‍යුන් ඇයව තල්ලු කරලා දැම්මා...

"පිටව යනු!! පිටව යනු!! පුරෝහිත හා සේනාධිපති කැඳවනු!!"
මින්හ්‍යුන් බයවෙලා කෑ ගහන ගමන් සෙබලෙක්ට කියද්දි ඔහු අධිරජුට ආචාර කරලා එළියට දිව්වා...

.

.

.

" වහාම....මේ දැන්ම අසුන් සූදානම් කරනු!! අප සොහොන්ගෙය වෙත යා යුතුයි!!"
මින්හ්‍යුන් කෑ ගහද්දි පුරෝහිත තුමාට විරුද්ධ වෙන්න විදිහක් නැති නිසා කට වහගෙන ඉද්දි මින්හ්‍යුන්ගෙ සේනාපති තුමා රාජකීය අශ්වය ව සූදානම් කරන්න අණ දුන්නෙ තමන් එක්ක පිටත් වෙන සේනාංකය සූදානම් කරන ගමන්...

මේ දැන්ම අසුන් සූදානම් කරනු!! අප සොහොන්ගෙය වෙත යා යුතුයි!!"මින්හ්‍යුන් කෑ ගහද්දි පුරෝහිත තුමාට විරුද්ධ වෙන්න විදිහක් නැති නිසා කට වහගෙන ඉද්දි මින්හ්‍යුන්ගෙ සේනාපති තුමා රාජකීය අශ්වය ව සූදානම් කරන්න අණ දුන්නෙ තමන් එක්ක පිටත් වෙන සේනාංකය සූදානම් කරන...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Shanyi Choi Min-hyun
Taehyung's step brother

.

.

.

.

මාළිගාවෙ බර ගේට්ටුව ඇරිලා වැහෙද්දි දල්වා ගත්ත පන්දම් අතින්ගත් අසරුවො විස්සක් විතර එක ම වේගෙන් මාළිගයෙන් පිටතට නික්ම ගියේ නගරයට යන මාවත වෙනුවට අඳුරු වනය දෙසට පන්දම් එළි අතුරුදහන් කරවමින්...

"ශේහයිහි මහා අධිරජු මින්හ්‍යුන් උතුමාණන් සැපත් වන වගාආයි!!
පන්දම් එළිවලින් ආලෝකමත් වෙලා තිබුණ ස්වභාවයෙන් ම අඳුරු පුරාණ සොහොන් ගැබ ඉදිරියේ මුරට හිටිය සෙබලා කෑ ගහලා කියද්දි මින්හ්‍යුන් තමන්ගෙ කළු අශ්වයගෙ පිටින් බැහැලා ආඩම්බරකාර මූණක් මවාගෙන ඇතුළට යද්දි සොහොන් ගැබේ වහල උඩ අඳුරෙ දිලිසෙමින් තිබුණ රතුපාට ඇස් දෙක මින්හ්‍යුන්ට මඟෑරුණා...

Phases of the MoonWhere stories live. Discover now