"ස්ස්..අව්හ්..."
ජන්කුක්ගෙ ඇඟිල්ලක රතු පාටට ලේ බින්දු මතු වෙද්දි ජන්කුක් ඇස්වල කඳුළු පුරවගෙන ම තමන්ගෙ අතේ තිබුණ තමන්ගෙම ලේවලට රතට හැරිල තියෙන නෙළුම් මලක හැඩැති හිස් පළඳනාව පපුවට තුරුල් කර ගත්තා...ඒකෙ කැඩුණු දාරෙකට ජන්කුක්ගෙ අත තුවාල වුණත් ජන්කුක්ට ඒ ගැන වගක් ඇති බවක් පෙනුණෙ නෑ...ජන්කුක්ගෙ ඇස් හරි තැනක් නැතිව ඔහේ බලා ගත්ත අත බලාගෙන ඉද්දී ඒ කළු බෝල ඇස්වලින් තමන් ඉස්සරහ දැල්වෙන දර සෑයන් දෙකේ ප්රතිබිම්බය අතරෙ ම උණුම උණු කඳුළු වැල් කඩන් වැටුණා..."මියන්හේ ජිමිනා...ම්-මියන්හේ ය්-යුංගි හ්-හ්යුන්..."
ජන්කුක් සැරින් සැරේට ඉකි ගගහා තනියම ම මුමුණන අතරෙ කොපුව ඇතුළෙ හිර වෙලා තිබුණ යුංගිගෙ අසිපත ජන්කුක් තව ටිකක් පපුවට හිර කරගත්තා....
.
.
."ඕහ් ජන්කුක්!! එය බොහෝ අලංකාරයි! මගේ එකතුවේ නෙළුම් මල් හැඩැති පළඳනා නොමැතියි..."
ජිමින් ජන්කුක් තමන්ගෙ අතට දුන්න පුංචි ලී පෙට්ටිය ඇරලා බලලා එයාගෙ තද කළුපාට පුංචි ඇස් පුළුවන් තරම් ලොකු කරගෙන කියලා ජන්කුක්ව තද කරලම බදා ගනිද්දි ජන්කුක් ආපිට ජිමින්ව වැළඳගත්තා..."ම්ම්...එය ඔබටයි සැමට අධිකව උචිත...
ඇසටෝරියාවේ හිත් පිත් නැති තරුණ සෙන්පති මින්ගේ ශ්වේත සියපතට!!"
ජන්කුක් කියන සැනින් ජිමින්ගෙ පිරුණු කම්මුල් දෙකම ලා රෝස පාට වුණේ ජන්කුක් ජිමින්ගෙ කම්මුල් දෙකෙන් ඇදලා හිනාවෙද්දි..."ඔහු කෙලෙසකවත් පහසුවෙන් ඔහුගේ හදෙහි කිසිවෙකුට ඉඩ දෙනුයේ නැහැ ජිමින්....මෙසේ ඔබව පෙම්වතා සේ පිළිගැනීම ම ඔහු ඔබට අසීමාන්තිකව ප්රේම කරන වගට සියල්ලට අධිකව ප්රමාණවත්.... ඔහුව තුටින් තබන්න ජිමින්..."
ජන්කුක් ජිමින්ගෙ අතක් අත් දෙකෙන් ම අල්ලගෙන කියද්දි ජිමින් හිනා වෙලා ජන්කුක්ගෙ අත් දෙක උඩින් තමන්ගෙ අනිත් අතත් තිබ්බා...