"ම්හ්..."
"සෙන්පති මින්! සෙන්පති මින්....මෙය හදිසි කාරණයක් නිසාවෙන් කමා කරන්න..."
තමන්ගෙ පපුව පුරාම යන යුංගිගෙ රළු තොල්වල පහස දරාගන්න බැරිව ඇද ඇතිරිල්ල අත් වලට ගුළි කරගෙන ඇස් තද කරගෙන තොල් හපන් හිටිය ජිමින් දොරට ගහන සද්දෙ එක්ක ගැස්සිලා යද්දි මෙච්චර වෙලා ජිමින්ගෙන් මත් වෙලා හිටිය යුංගි අමනාපෙන් ඔළුව ඉස්සුවා..."සෙන්පති මින්..."
දොරෙන් එළියෙ නම්ජුන්ගෙ කටහඬ ඇහෙද්දි යුංගි තමන්ගෙ බාගෙට ගැලවිලා තිබුණ උඩ සළුව හදාගෙන ඉණ වටේ බඳ පටිය බැඳ ගන්න ගමන් ජිමින්ගෙ නළලට හාදුවක් තියලා ඇඳෙන් බැස්සෙ තමන්ගෙ බිමට දිග උඩු කබාය ඇඳේ වාඩිවෙලා අත් කකුල් ගුලි කරගෙන ඉන්න ජිමින්ගෙ උරහිස් වටෙන් රඳවලා ජිමින්ව ආවරණය කරන ගමන්...නවත්තන්න බැරි දුරකට ගිහින් තිබුණෙ නැතත් ඒ වෙද්දිත් ජිමින්ගෙ කිරිපාට නිකැලැල් පපුවෙ තැනින් තැන රතුපාට පැල්ලම් සලකුණු වෙලා තිබුණා... නම්ජුන් වුණත් ජිමින්ව දකින්න ඕන නැති නිසා යුංගි ජිමින්ට තමන්ගෙ කබාය පෙරෙව්වා...
"කුමක් ද ගැටලුව යුවරජුනි..."
යුංගි දොර ඇරලා අහද්දි නම්ජුන් කුටිය දිහා නොබලා ම කතා කළේ විවාහය දවසෙත් යුංගිට කරදර කරන්න සිද්ධ වුණ එක ගැන ලැජ්ජාවෙන් වගේ..."ශේහයිහි සේනා අගනුවරට කඩා වැදීමට ඇති පහසුම මාර්ග වලින් එකක අපගේ කඳවුරක් අත්පත් කර ගැනීමට ඉතා ආසන්න බවයි නවතම තොරතුරු..."
නම්ජුන් ටිකක් අදිමදි කරලා කියද්දි යුංගිගෙ බැල්ම බලාගෙන ඉද්දි වෙනස් වෙන හැටි හ්යුන්ජින් දැක්කා..."අප මේ මොහොතේම පිටත් විය යුතුයි යුවරජුනි... හ්යුන්ජින් මගේ අසු සූදානම් කරනු...මා හට සුළු මොහොතක් ලබා දෙන්න....
සේනාංක දෙකක් අප සමඟ රැගෙන යා හැකියි..."
හ්යුන්ජින්ට කරන්න ඕන දේ කියලා නම්ජුන්ට ආචාර කරපු යුංගි දොර වහගෙන ඇතුළට යද්දි නම්ජුන් තමන්ගෙ මල්ලිගෙ සතුට විනාස කරන්න වුණ එකට කනස්සල්ලෙන් එතනින් යන්න ගියා..."මා හට කමා කරන්න මගේ සුදු නෙළුම..."
"මා හට ඇසුණා සියල්ල ම හ්යුන්...ඔබ රාජ්යයේ ආරක්ෂාවට මූලිකත්වය දිය යුතුයි....ඒ පිළිබඳ සිත් තැවුල් ගන්න එපා...මා හට වැටහෙනවා ඔබේ තත්ත්වය...ඊට කම් නැහැ...
![](https://img.wattpad.com/cover/340915353-288-k972973.jpg)