අද ඇසටෝරියා රාජධානියේ සම්ප්‍රධායට අනුව අළුත් අවුරුද්දෙ පළවෙනි දවස....සාමාන්‍ය සිරිතට අනුව එදාට පවුලෙ හැමෝම තරහ අමතක කරලා එකට කෑම හදලා එකම මේසෙ ඉඳන් කෑම කනවා....
ඉතින් හවස ඉඳලා ම කෑම හදන වැඩ වලට ජින්,රෝස් දෙන්නා උදව් කළත් ජන්කුක් කළේ මුළුතැන්ගෙයි වැඩ අවුල් කරන එක...ජන්කුක් එක වතාවක් ලිපෙන් බිමට අරන් එතනම තියලා තිබුණ ලොකු සාස්පානක් නිකන් ම අතින් අල්ලලා අත පුච්ච ගත්තා...ජන්කුක්ගෙ ඔම්මා කැවිලි වගයක් හදන නිසා යුංගිගෙ ඔම්මා ජන්කුක්ගෙ අතට බෙහෙත් වගයක් ගාලා පැත්තකින් වාඩිවෙලා ඉන්න කියලා සැර කරපු නිසා ජන්කූක් කුස්සියෙ කෙළවරක හිටිය එයාගෙ ඔම්මා ළඟට ගිහින් එතන බැම්ම උඩ වාඩිවෙලා ඔම්මා හදන කැවිල්ලක් දෙකක් කටේ දාගෙන ඔම්මගෙන් හැඳි පාරක් කෑවා....පස්සෙ එතනින් හෙමින් සැරේ ගිහින් ජින් හ්යුන් හදන කෑම එකට ඔලුව දාගෙන හිටියා....තව ටිකෙන් තෙල් එකක් පෙරලිලා දෙන්නම පුච්ච ගන්න නිසා ජන්කුක්ගෙ ආච්චි අම්මා ජන්කුක්ව කනෙන් ඇදන් ගිහින් කෑම කන වෙලාවට විතරක් වරෙන් සුදුපුතේ කියන බැල්මක් දාගෙන ජන්කුක් ව එළියට දාලා කුස්සියෙ දොර ඇතුළෙන් වහගත්තා....
අත් දෙක බැඳගෙන මුළුතැන්ගෙයි ඉස්සරහ ටික වෙලාවක් එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉද්දි ජන්කුක් දැක්කා මැද මිදුලෙ ඉන්න ටේහ්‍යුන්ව....යුංගිත් ඉන්නවා එතන...දෙන්නම මොකක්දෝ ලොකු වැඩක්....ජන්කුක් එයාගෙ බිම ගෑවෙන්න දිග තැඹිලි පාට ඇඳුමත් අත් දෙකෙන් උස්සගෙන ඒ පොත්තට ගියේ එතන මොකද වෙන්නෙ බලන්න....
"ඔය කුමක්ද කරනුයේ හ්යුන්?"
ජන්කුක් සද්ද නැතිව ළඟට ම ගිහින් අහද්දි පුටුව උඩ නැඟලා හිටිය මින්හු කකුල් දෙක වෙව්ලලා ගිහින් බිමට වැටුණෙ යුංගි ජන්කුක් දිහා රවලා බලද්දී....ටේහ්‍යුන් මින්හු වැටුණ දිහා ඔහේ බලාගෙන ඉද්දි ජන්කුක් එයාගෙ ඇස් දෙක බෝල කරලා හා දත් දෙක පෙන්නලා ටේහ්‍යුන්ගෙ අතේ එල්ලිලා ටේහ්‍යුන්ගෙ පිටිපස්සට වුණා....
"හ්‍යුන්ගී....පවසන්නකො...කුමක්ද කරනුයේ ඔබලා?"
ජන්කුක් එබිලා අහද්දි යුංගි ජන්කුක් දිහා බලන් ඉඳලා හුස්මක් පාත දැම්මා....