"හ්යුන්..."
බලාපොරොත්තු නොවුණ මොහොතක ඇහුණ ජන්කුක්ගෙ කටහඬ නිසා ගැස්සිලා ගිය නම්ජුන් ඔලුව උස්සලා බලලා තමන්ගෙ සිර කුටිය ඉදිරියෙ හිටගෙන ඉන්න ජන්කුක්ව දැකලා කම්මුල් වළ ගැහෙන්න ම හිනාවුණා... ඒ හිනාව හරි අව්යාජයි...තව ටිකකින් තමන් මැරෙනවා කියලා දැනගෙනත් නම්ජුන් හරි ලස්සනට හිනාවුණා..."හ්යුන්....මා සතුව එතරම් වේලාව නොමැතියි හ්යුන්...මා අධිරජුන්ට රාත්රී ආහාරය සපයා පැමිණියේ...නමුත් ඔහු කුටියට පැමිණෙන විට මා එහි සිටිය යුතුයි...
අද රාත්රියේ මා හැකි විලසින් ඔහු මා සමඟ කාර්යබහුලව රඳවන්නම් හ්යුන්...මා මින් පිටව ගොස් අඩ හෝරාවකින් සේවා මුරය අවසන් වනවා...මුර සේවයේ හේවායන් කෙටි වේලාවක් ඇතුළත හුවමාරු වනවා....
ඒ කාලය තුළ ඔබ පලා යා යුතුයි... පසුපස ද්වාරයට එපිටින් වනය තුළ ගංගාව සමීපයේ මා කාල වර්ණ අසෙකු රැඳවූවා...
ඔබ පලා යා යුතුයි හ්යුන්....අධිරජ නම්ජුන් හට මිය යාමට ඉඩ හරින්න... මගේ හ්යුන්ගේ සැමියා සහ ඒ කුඩා බිළිඳාගේ පියාණන් ලෙක ඈත ගම්මානයක සැඟව දිවි ගෙවන්න හ්යුන්....ඔබට...ඔබේ දිවියට මගේ ස්වාමියාගේ දෑතින් හානියක් අහිතක් වනු දැකීමට මා රිසි නැහැ....මා ජින් හ්යුන්ගේ දෑසේ කඳුළු දකිනු රිසි නැහැ...
මෙය ඔබ සන්තකයේ තබා ගන්න....මා නික්ම යනවා... ඔබේ ආරක්ෂාව ඔබ සතුයි හ්යුන්...වදන් දෙන්න මින් නික්ම දරුවා සහ හ්යුන් සමඟ පලා යන වගට..."
"නමුත් ජන්කුක් මා මිය යාම සියල්ලට විසඳුම නම් මා හට හැකියි-"
"එවිට ඔහුට කුමක්ද සිදුවනුයේ!!?
සියලු දිවිය ඔබේ නමින් කැප කර ඔහුටත් අධිකව ඔබට ප්රේම කරන මගේ අහිංසක සොයුරාට කුමක්ද සිදු වනුයේ අධිරජුනි!?"
ජන්කුක් තරමක් සද්දෙන් අහද්දි නම්ජුන් බිම බලා ගත්තා...නම්ජුන් මැරෙන්න බය නැහැ...ඒත් ජින්... එයාලගෙ දරුවා...නම්ජුන්ට තමන්ගෙ පුංචි පවුල අතාරින්න ලෝභ හිතුණා... නම්ජුන් ජින්ගෙ ආදරේ ළඟ අධිරජෙක් පෙම්වතෙක් කියන භූමිකා දෙක අතරෙ අතරමං වුණා...