"සෙන්පති මින්ට මා හමුවීමට අවශ්‍ය කරුණ?"
නම්ජුන් ජින් එක්ක කතා කරලා ආයෙ එන ගමන් නගරය මැද්දෙ තිබුණ වතුර මල ළඟට යද්දි යුංගි එතන පඩියෙ වාඩිවෙලා වතුරට අත දාගෙන හිටියා...නම්ජුන් කතා කරද්දි යුංගිගෙ අත වටේ හිටිය රතුපාට,තැඹිලි පාට මාළු ටික ඈතට පීනලා ගියේ යුංගි අත ගසලා එතනින් නැඟිට්ට නිසා...."අද මා හට රාජකුමාර නම්ජුන් හමුවීමට අවැසි වුයේ ඇසටෝරියාවේ සෙන්පති විලස නොවෙයි....එක් සොහොයුරෙක් විලස...ජිමින්ගෙ වැඩිමල් සොයුරා ලෙස...."
යුංගි අත් දෙක පිටිපස්සට බැඳගෙන නම්ජුන්ගෙ ඇස් දෙක දිහාම බලාගෙන කියද්දි නම්ජුන් හිනාවෙලා අහස දිහා බැලුවා..."ඉඳින් කුමක්ද කාරණාව මින් යුංගි...ඔබ කුඩා කල පටන් ම මගේ සඟයා...ඔබට හැකියි අවැසි කුමක් වුව විවෘතව නොබියව කතිකා කිරීමට..."
නම්ජුන් කතා කරද්දි යුංගි ටික වෙලාවක් බිම බලාගෙන ඉඳලා නම්ජුන් දිහා බැලුවා..."මා සිතනවා ඔබට මා එදා ජිමින් මාගෙන් විමසූ පැනය පිළිබඳ පැවසූ දේ තවත් ස්මරණ වග කුමරුනි...ඒ පැනයට මගේ පිළිතුර මා රිසි බව වුවහොත් ඔබේ ප්‍රතිචාරය කුමක් වේවිද කුමරුනි? ඔබේ ආශිර්වාදය ලැබෙනවාද හ්යුන්?"
යුංගි අහද්දි නම්ජුන් යුංගිගෙ උරහිසට තට්ටුවක් දාලා යුංගි එක්ක හිනාවුණා..."ඔබ ජිමින්ට පිළිතුරු දුන් රාත්‍රියට පසුදා අළුයම ම ජිමින් මාහට සියල්ල පැවසූවා යුංගි....මා ඔබම පවසන තෙක් විමසුවේ නැහැ...නමුත් ඔබ නැවත ජිමින් හමුවීමට පූර්වයේ මාගේ අදහස විමසීමට මා ගරු කරනවා....
ජිමින් උපන් දා පටන් මගේ වගකීමක් වූයේ...මගේ දිවියේ මා මා හටත් අධිකව පෙම් බඳින අවිහිංසක දෑස් යුගල ද්විත්වයයි වනුයේ යුංගි....
එක් අයෙක් ඔබේ අයියණ්ඩී... සොක්ජින්... අනෙකා මගේ ජිමින්....නමුත් ජිමින් දැන් තවදුරටත් මාගේ දෑස් මානයේ රඳවා ගැනීමට තරම් කුඩා දරුවෙක් නොවෙයි...
මගේ දෑස් වසාගෙන වුවද මා විශ්වාස කරන ඔබ ඔහුගේ ඉදිරි වගකීම පවරා ගැනීම මා හට මහත් අස්වැසිල්ලක් යුංගි.... ස්තූතියි... එසේම මා විශ්වාස කරනවා ඔබ කිසිදිනෙක ඔහුව අහේතුකව නොරිද්දාවි යයි කියා..."
නම්ජුන් වළ ගැහෙන කම්මුල් පේන්න හිනාවෙලා යුංගි දිහා බලද්දි යුංගි නම්ජුන්ට දණ ගහලා ම ආචාර කළා...