"ජන්කුක්...තවත් ස්වල්පයක් පමණයි..."
"අ-අනේ...ම්-මා හ්-ඕක්-"
ඇඳේ වාඩිවෙලා හිටිය ජන්කුක් අත් දෙකෙන් කට වහගෙන නාන කාමරය පැත්තට දුවද්දි ටේහ්‍යුන් අතේ තිබුණ කෑම එක පැත්තකින් තියලා ජන්කුක්ගෙ පස්සෙන් ගියා..."හ්හ්..."
වැටෙනවට බිත්තියට වාරු වෙලා ඉන්න ජන්කුක්ව තමන්ගෙ ඇඟට හේත්තු කරගෙන අත තෙමලා ජන්කුක්ගෙ මූණ පිහදාපු ටේහ්‍යුන් ජන්කුක්ව හරහට උස්සලා අත් දෙකට ගත්තෙ දැනට ම ජන්කුක්ගෙ ඇස් පියවිලා නිසා...ජන්කුක්ගෙ කුසේ තමන්ගෙ දරුවෙක් වැඩෙනවා කියලා දැන ගත්ත දවසෙ ඉදලා ටේහ්‍යුන් හිටියෙ පුදුම තරම් සතුටකින්...ටේහ්‍යුන් ජන්කුක් එක්ක තිබුණ හිත් අමනාපකම් අමතක කරලා ජන්කුක්ව බලාගන්න පටන් ගත්තත් ඒ වෙද්දිත් ඇසටෝරියාවෙන් එද්දි රෝස මලක් වගේ හිටිය ජන්කුක් කෙට්ටු වෙලා විනාස වෙලා ගිහින් තිබුණා... ජන්කුක් ඉක්මනට අසනීප වෙන්න පටන් අරන් තිබුණා වගේ ම ජන්කුක්ගෙ ඇඟේ ශක්තියත් කැපිලා පේන විදිහට නැති වෙලා ගිහින් තිබුණා...
ටේහ්‍යුන් හිතුවෙ ඒ තමන් ජන්කුක්ට සලකපු විදිහට කියලා වුණත් ජන්කුක් දැනගෙන හිටියා තමන් ආව කටයුත්ත ඉවර වුණාම තමන් යන්න ඕන බව...ඒ වගේ ම තමන් මෙහෙන් යනවා කියන්නෙ ටේහ්‍යුන් මැරෙනවා කියන එකත් හොඳින්ම දන්න නිසා ජන්කුක් බය වුණා තමන් ඔම්මා කෙනෙක් වෙන්න යනවා කියන එක පිළිගන්න...
ඒ අතරෙ රාජකීය වෛද්‍යවරු ජන්කුක්ගෙ සෞඛ්‍ය තත්ත්වය ඉස්සරහ මාස දෙකක් තුනක් ඇතුළත යථා තත්ත්වයට ගත්තෙ නැත්නම් අධිරජුට ජන්කුක්ව නැත්තන්ම දරුවව දෙන්නගෙන් කෙනෙක්ව තෝරගන්න වෙයි කියලා අනතුරු අඟවලා තිබුණා...
ටේහ්‍යුන් ජන්කුක් ගැන දරුවා නිසා ඕනවට වඩා සැලකිලිමත් වුණ නිසා ම ජන්කුක්ට ටේහ්‍යුන්ගෙ බලය විනාශ කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න කියලා ඉතිරි වුණ අන්තිම ක්‍රමය වුණ ශේහයිවල පැරණි ගල් ලෙනකට යන්න තිබුණ අවස්ථාව ජන්කුක්ට සම්පූර්ණයෙන්ම අහිමි වෙලා ගියා...
ජන්කුක්ගෙ ආරක්ෂාවට ජීසන්ග් ව පත් කරලා තිබුණ නිසා ජන්කුක්ට කිසිම තැනක තනියම යන්න අවසර තිබුණෙ නැහැ වගේ ම ජන්කුක්ට ටේහ්‍යුන්ට විරුද්ධව හුස්මක්වත් ගන්න ඉඩක් තිබුණෙ නැහැ...ජන්කුක්ට වුණත් ඕන වුණෙ නෑ ටේහ්‍යුන්ව නැත් කර ගන්න...ඒත් ජන්කුක්ට ඕන කළේ නෑ ටේහ්‍යුන් ආශාවල් වලින් මත් වෙලා බලයට කෑරද වෙලා වෛරයෙන් අන්ධ වෙලා අමනුෂ්‍යයෙක් වෙනවා බලන්න...