37 th Phase 🌙

118 16 12
                                    

"ජිමින්!! මගේ සුදු නෙළුම...ජිමින්!!"
රළ පහරට අහුවෙලා ගහගෙන යන ගමන් හිටිය ජිමින්ව අමාරුවෙන් ගඟ අයිනෙන් ම තිබුණ ගුහාවක ඇතුළ් වෙන තැන තිබුණ ගල් තලාවක් උඩට තල්ලු කරන ගමන් ඒ පස්සෙන් ම ගල් තලාවට ගොඩ වුණ යුංගි සද්දෙට ම හුස්ම අල්ලන ගමන් ජිමින්ගෙ කම්මුල්වලට තට්ටු කළත් ජිමින්ගෙන් ප්‍රතිචාරයක් නැති වෙද්දි යුංගි ජිමින්ගෙ පපුව උඩ වම් අත උඩින් දකුණු අත තියලා තෙරපද්දි ජිමින්ගෙ කටින් කැස්සක් එක්ක වතුර බේරුණා...

"ම්හ්...හ්හ්..."

"ජිමින්..."

"ක්හැහ්...හහ්...ආහ්..."
ජිමින් අමාරුවෙන් ඇස් ඇරලා වටපිට බලද්දි යුංගි ජිමින්ව පපුවට තුරුල් කරගෙන හිමීට දෙපැත්තට පැද්දුණේ ජිමින් ඇස් ඇරපු වෙලාවෙ තමන්ට දැනුණ සැනසීම කියන්න යුංගි ළඟ වචන තිබුණෙ නැති නිසා...

දෙන්නම ඉන්න තැන ගැන අදහසක් නැතිව තෙමිලා වතුර බේරි බේරි හිටියත් දෙන්නට දෙන්නා ළඟින් ඉන්න එක ගැන යුංගි වගේ ම ජිමිනුත් සතුටු වුණා...

.

.

.

.

.

.

.

යුවරජ නම්ජුන් වෙත...

මා වනයේ අතරමං වී සිටියදී ටේහ්‍යුන් ඔහුගේ මැදුරට රැගෙන ආවා...මා මෙහි සුවෙන් සිටිනවා කුමරුනි...මා පිළිබඳ සංකා නොවන සේ මගේ පවුලේ ඇත්තන්ට දන්වන්න...

රාත්‍රියේ මාගේ කුටියේ පහන් දැල්වීමට ස්මරණයේ රඳවන සේ මගේ සේවිකාවට පවසන්න කුමරුනි...

රියුජින් එවපු සංදේශය අතේ තියාගෙන කීවෙනි වතාවට ද මතක නැතිව ඒක කියවලා කල්පනා කරන නම්ජුන්ගෙ ඝන ඇහිබැමි එකට පැටලිලා තිබුණා...

"කිමද පහන් දැන්වීමට මා හට පවසනුයේ..."
නම්ජුන් තමන්ට නොතේරුණ දේ මොකක්ද කියලා කල්පනා කරන අතරෙ නිකමට වගේ තමන්ගෙ අතේ තිබුණ හසුන පහනකට උඩින් අල්ලලා බලද්දි මෙච්චර වෙලා හිස් ව තිබුණ කඩදාසියේ පහළ කොටසෙ අකුරු පේළියක් මතුවුණා...

හසුන ලැබෙන දිනට පසු දින රාජ්‍යයේ සීමාවේදී මා ඔබව අපේක්ෂා කරනවා කුමරුනි...කිසිවෙක්ට නොපවසා පැමිණෙන්න...
මා සතුව උපායක් පවතිනවා...

Phases of the MoonWhere stories live. Discover now