ටේහ්‍යුන් හිටියෙ තමන්ගෙ කුටියට වෙලා....ශීත කාලෙ අවසන් වෙලා ආයෙත් වසන්තය උදාවෙලා....මේ වතාවෙ ටේහ්‍යුන්ට ඇත්තටම වසන්තය දැනුණා.... වෙනදා හැමදාම සීතලේ තනියම හිටිය ටේහ්‍යුන්ගෙ ජීවිතේට දඟකාර හුරතල් ඇස් දෙකක් එබිකම් කරලා.... පුංචි පුංචි දේවල් වලටත් හයියෙන් හිනා වෙන හා පැටියෙක් ටේහ්‍යුන්ගෙ හීනවලට ඇවිල්ලා...
ටේහ්‍යුන්ගෙ ජීවිතේ ජන්කුක් කියන්නෙ අවුරුදු ගානක් වහලා දාලා කළුවරේ තිබුණ කාමරයක් ඇතුළෙ පත්තු කරපු පහනක් වගේ වුණත් ඒ පුංචි එළිය ඒ අඳුරු කාමරේ ඇතුළෙ ලොකු වෙනසක් කරලා තිබුණා...
ඉස්සර නම්ජුන් දිහා බලාගෙන එයා වගේ වෙන්න උත්සාහ කරපු ටේහ්‍යුන්ට දැන් ඒක අමතක වෙලා....
ජන්කුක් ටේහ්‍යුන්ව ටේහ්‍යුන් විදියට පිළිගත්තා...පවුලෙ කෙනෙක් විදියට තැනක් දුන්නා...පුංචිම දේ ඉඳලා ටේහ්‍යුන් ගැන හෙව්වා...ටේහ්‍යුන් ගැන වද වුණා.... ටේහ්‍යුන්ට හදවතින් ම හිනා වෙන්න කියලා දුන්නා.... සතුටින් ඉන්න ඉගැන්නුවා....
ජන්කුක් නිසා ෆෙලික්ස් ටේහ්‍යුන් එක්ක කතා කරනවා... ජිමින් වුණත් බය නැතිව ටේහ්‍යුන් ළඟට එනවා... ටේහ්‍යුන්ට හොඳටම තේරිලා තිබුණෙ ජිමින් එයාව මඟෑරියෙ ජන්කුක් නිසා කියලා....ජිමින් කියන්නෙ නපුරු කෙනෙක් නෙවෙයි...හරි අහිංසක හදවතක් තියෙන පිරිසිදුම ආත්මයක් ජිමින් කියන්නෙ....නම්ජුන් ඉස්සර ඉඳලාම ටේහ්‍යුන්ට නරකක් කළෙ නැහැ...යුංගි කියන්නෙ ගෙදර අය එක්කවත් කතා කරන කෙනෙක් නෙවෙයි....ඒ නිසා එයා ටේහ්‍යුන් එක්ක කතා නොකරන ටේහ්‍යුන්ට ප්‍රශ්නයක් වුණෙත් නැහැ....
ටේහ්‍යුන්ට ජන්කුක්ගෙ වෙනස මුලදි ප්‍රශ්නයක් වුණා.... ඒත් දැන් තමන් තනිවෙලා නැහැ කියන හැඟීම, තමන්ව වටින අය ඉන්නවා කියන හැඟීම ටේහ්‍යුන්ට කලින්ට වඩා විවෘත චරිතයක් කළා....
ටේහ්‍යුන් හැමතිස්සෙම ළඟ දැවටි දැවටි අතපය හතර අතේ විසි කර කර ඔලුව ඇල කරන ගමන් ඇස් ලොකු පුංචි කර කර දඟලන ජන්කුක් වදයක් වගේ පෙන්නුවත් ඒකට ටේහ්‍යුන් කියන්න තේරෙන්නෙ නැති තරම් ආස කළා....