ජන්කුක් එක සැරේට ම ටේහ්‍යුන්ගෙ කුටියෙ දොරටුව විවර කරද්දි ජනේලෙ ළඟ හිටගෙන හිටිය ටේහ්‍යුන් ගැස්සිලා ගියා වගේ ම ජනේලෙ ළඟ ඉඳලා කුරුල්ලෝ දෙතුන් දෙනෙක් පියාඹලා ගියා...ටේහ්‍යුන්ගෙ කකුල් දෙක ළඟ ඉඳලා පුංචි සුදු පාට මීයෙක් ලී බිත්තිය දිගේ නැඟලා සිවිලිමට ගිය විදියත් සෙල්ලක්කාර ජන්කුක්ගෙ ඇස් වලට අහුවුණේ නෑ....
"ම්ම්...කුමක් ද කරනුයේ ඔතනට වී?"
ටේහ්‍යුන්ගෙ පැත්තකින් ඉස්සරහට එබෙන ගමන් ඇහුව ජන්කුක් ටේහ්‍යුන්ව ඇදලා තමන්ගෙ පැත්තට හරව ගත්තා...."අද සති අන්ත දිනයක්...එසේම පහන් සැණකෙලිවල ආරම්භක දිනය අද....බෝහෝ පිරිස් අගනුවර වීදි වලට රැස් වනවාලු අද දින....ඉතින්.....ඔබට හැකිද මා සමඟ පැමිණීමට.... කරුණාකර.... මා මුරණ්ඩුකම් නැහැ කරනුයේ....කරුණාකර පැමිණෙන්නකෝ.....ඔබ මගේ ස්වාමියානෙ ඉතින්...."
ජන්කුක් අත් දෙකෙන්ම තමන්ගෙ අත අල්ලගෙන හොලවන දිහා ටේහ්‍යුන් හිනා වෙවී බලාගෙන හිටියා....
"ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන ආවෙක් සමඟ වීදි සැරීම ඔබට අවමානයක් නොවේද ජන්කුක්?"
ටේහ්‍යුන් ආයෙමත් හැඟීමක් නැති මූණකින් ජන්කුක් දිහා බලාගෙන අහද්දි ජන්කුක් හිනා වුණා..."කිසිසේත් නැහැ....ඔබ හා මා කෙතරම් පිළිගැනීමට ප්‍රතික්ෂේප කළත් දැන් එකෙනෙකා සමඟ බැඳී අවසන්... එනිසා භේද අමතක කර සමඟිව සිටීමයි එකම මඟ....එනිසායි මා මෙසේ උත්සාහ දරණුයේ.... ඉදින්....ඔබ රිසිද මා කැටුව යාමට?"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ජන්කුක් පාර පුරාම එක එක තැන්වල දුවද්දී ටේහ්‍යුන් ඒ පිටිපස්සෙන් ආවෙ ජන්කුක්ගෙ හුරතල් හැසිරීමට හිනාවෙන ගමන්....ටේහ්‍යුන්ට තවමත් ලේසියෙන් ම හිනා වෙන්න පුළුවන් වුණේ ජන්කුක් ඉස්සරහ විතරයි... ඒ වගේම ළඟපාත ජන්කුක් ඉන්න හැම වෙලාවක ම ටේහ්‍යුන් හිටියෙ හිනාවෙවී...
"අපි අතනට යමුකෝ!"
පාර අයිනෙ හිටිය ටේහ්‍යුන්ගෙ අතිනුත් ඇදගෙන ජන්කුක් ගියේ විසිතුරු අත් පළඳනා වෙළඳ සැලක් ළඟට...."මේ සියල්ල ම බොහෝ අලංකාරයිනෙ"
ජන්කුක් අත් පළඳනා ගොඩක් අත් දෙකට අරගෙන ටේහ්‍යුන් දිහා බලද්දී ජන්කුක් දැක්කෙ ටේහ්‍යුන් බලාගෙන ඉන්නෙ වෙනත් පළඳනාවක් දිහා කියලා....ජන්කුක් අතේ තිබුණ ඒවා පැත්තකින් තියලා ඒක අතට ගනිද්දී ඒකත් එක්ක පැටලිලා තවත් එකක් ආවා...