20 th Phase 🌙

133 27 18
                                    


"හ්‍යුන්ගී...."
ජින්ගෙ විවාහයෙන් දවස් දෙකකට පස්සෙ එළඹුණ පුරහඳ රෑ දවසෙ යුංගි මාළිඟාවෙ වැඩකට ගිහින් ජිනුත් දැන් සෙන්පති මැදුරේ නැති නිසා ජන්කුක්ට වද දෙන්න ඉතිරි වුණේ ටේහ්‍යුන් වෙද්දී ජන්කුක් කෑ ගහගෙන ම ටේහ්‍යුන්ව හොයාගෙන ආවා...

යන්තමට මෝදුවෙලා තියෙන හඳ දිහා බලන් තමන්ගෙ කුටිය ඉස්සරහ තියෙන ලා රෝසපාට මල් පිරුණු ගහ යට අත් දෙක පිටිපස්සට බැඳගෙන හිටිය ටේහ්‍යුන් ජන්කුක්ගෙ සද්දෙට ගැස්සිලා ගියේ නැතත් ටේහ්‍යුන්ගෙ වටේ එකතු වෙලා හිටිය පුංචි කුරුල්ලො රංචුවත් එක්ක සුදු මී පැටවු දෙතුන් දෙනෙක් නම් ඒ සද්දෙට බය වෙලා හැංගුණා...

ඇස් දෙකත් බෝල කරගෙන කකුල් මාරු කර කර උඩ පැන පැන ආව ජන්කුක් රතුපාට නූල් වලින් ගෙත්තම් කරලා තියෙන කළුපාට බිමට දිග ඇඳුමක් ඇඳගෙන තමන්ගෙ කැටයම් කපපු කඩුවත් අතේ තියන් ඉන්න ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා...

ටේහ්‍යුන් කඩවසම්...ගොඩක්....

"ටේහ්‍යුන්ගී....අපි නගරයට යමුකෝ..."
ජන්කුක් ටේහ්‍යුන්ගෙ අත් බාහුවක එල්ලිලා ඇස් බෝල කරගෙන කියද්දි ටේහ්‍යුන් ටික වෙලාවක් ජන්කුක් දිහා බලාගෙන හිටියා...

"මැදුර බොහෝ නිහඬයිනෙ...මා හට පාළු දැනෙනවා හ්‍යුන්ගී....අපි නගරයේ වෙළඳසැලට යමුකෝ..."
ජන්කුක් ටේහ්‍යුන්ව අත් දෙකෙන්ම හොළව හොළව කියද්දි ටේහ්‍යුන් ටිකක් බලාගෙන ඉඳලා හිනාවුණා

.

.

.

.

.

ටේහ්‍යුන් ජන්කුක්ට කැටයම් කපපු පහන් කූඩු වගයක් තෝරන්න දීලා වෙළඳසැල ළඟට වෙලා අත් දෙකත් පිටිපස්සට බැඳගෙන බලාගෙන හිටියෙ පාරෙ යන එන මිනිස්සු දිහා වෙද්දි ටේහ්‍යුන්ට ධැනුණ අමුතු හැඟීමකට වටපිට බැලුව ටේහ්‍යුන් දැක්කෙ කාන්තාවක් විධියට වෙස් වලාගෙන ඉන්න යක්ෂ ආත්මයක් වෙද්දී ටේහ්‍යුන්ගෙ තද කළු පාට ඇස් තත්පර ගානකට රතු පාටින් දිලිසුණා...

තවමත් පහන් කුඩු තෝරන ජන්කුක් දිහා බැලුව ටේහ්‍යුන් සද්ද නැතිව ඒ කාන්තාව පසුපසින් යන්න පටන් ගත්තෙ ජන්කුක් තමන්ව හොයන්න කලින් ආයෙත් එන්න හිතාගෙන...

Phases of the MoonWhere stories live. Discover now