නම්ජුන් ශේහයි මැදුරෙන් පැනලා ගිහින් අඩ හෝරාවක් විතර ගත වුණාට පස්සෙ මාළිඟය පුරා අනතුරු ඇඟවීමේ සීනු හැඬවෙද්දි ජන්කුක්ව අත් දෙකට මැදි කරගෙන අඩ නිරුවතින් ඇඳේ වැතිරිලා හිටිය ටේහ්යුන් ජන්කුක්ව මෑත් කරලා ඇඳෙන් බැස්සෙ කිසිම කලබලයක් නැතිව වුණත් ජන්කුක් තමන්ගෙ තොල් වෙව්ලන එක නතර කර ගන්න තොල් හපාගත්තෙ ඇඳ ළඟ බිම තිබුණ තමන්ගෙ සළුව උරහිස් වටේ දවට ගන්න ගමන්..."අධිරජුනි..."
වහලා තිබුණ දොරට එළියෙන් තට්ටු කරන සද්දෙට ටේහ්යුන් වතාවක් ජන්කුක් දිහා බලලා දොර පැත්තට හැරුණේ ජන්කුක් ටේහ්යුන් ළඟට නොගියත් දොරටුව දිශාවට අවධානය යොමු කරද්දි...."අධිරජුනි...ඇ-ඇසටර්න්-නායි අ-අධිර්-රජු.."
"නම්ජුන් පිළිබඳ පුවත කුමක්ද?"
ටේහ්යුන් අත් දෙක පිටිපස්සට බැඳගෙන ඇස් හීන් කරලා අහද්දි අධිරජු කේන්තියෙන් කියලා තේරුම් ගිය හේවායා තමන්ගෙ ජීවිතේට තිබුණ ආසාව නිසාම දෙපාරක් නොහිතා දණින් වැටුණෙ තමන් වටේ ඉන්න හැම කෙනෙක්ගෙම හුස්මක පවා තමන් ගැන තියෙන බය ඒ වැඩෙන් සනාථ වුණ එකට ටේහ්යුන්ගෙ කට කොනේ වියරු හිනාවක් ඇඳෙද්දී...."ඔ-ඔහු...ප්-පලා ග්-ගොසින් අ-අධිර-"
"කුමක්!!? රාජ සභාව කැඳවනු!! වහාම මේ මොහොතේ ම! බිම් මහලේ අදාළ සියළු උමංවල මුරකාවල යෙදුණු හේවායන් මා අභිමුවට පැමිණිය යුතුයි!!"
.
.
.
.
.ටේහ්යුන් එක්ක ම රාජසභාවට ආව ජන්කුක් ටේහ්යුන්ගෙ සිංහාසනයට යාබදව දකුණු පැත්තෙන් තිබුණ තමන්ගෙ අසුනෙ ඉඳගෙන සභාව දිහා බලාගෙන හිටියෙ කිසි හැඟීමක් කැති ඇස්වලින්...ජන්කුක් හිටියෙ බය වෙලා... නම්ජුන්ට පැනලා යන්න උදව් කරද්දි මේ හේවායන්ගෙ ජීවිත ගැන ජන්කුක්ට හිතන්න අමතක වුණා... සිරකුටිවල යතුරු භාරව ඉන්න උසස් නිලයක් දරපු හේවායගෙ ඉඳලා සේවාමුරට මාරුවෙන්න කලින් වගේම පස්සෙත් ඒ අවට හිටිය හේවායන් එක්ක ටේහ්යුන් ඉස්සරහ දණ නවාගෙන ඉන්න මුළු පිරිස තිහක් විතර වුණා වගේම එතන පසුපස දොරටුවේ මුරට හිටිය හේවායනුත් හිටියා...
වැදගත් ම දේ සිද්ධ වුණේ සුළුපටු වරදක් නොවෙන බව දන්න නිසාම රාජ්ය ආරක්ෂාවේ සම්පූර්ණ වගකීම තමන්ගෙ කරමත දරණ ශේහයිහි සෙන්පති හෙසෝක් වගේම උප සේන්පති ජීසන්ග්නුත් හේවායන් ඉදිරියෙන් දණින් වැටිලා ඔලුව පහත් කරගෙන නිහඬව හිටියෙ නිදහසට කාරණා දක්වන එකෙන් වෙන්නෙ ටේහ්යුන්ව තව තවත් කේන්ති ගස්සන එක බව දන්න නිසා...