"ඇසටෝරියාවේ අධිරජු කිම් නම්ජුන් ශේහයිහි මැදුර වෙත සැපත් වන වගයි !!"
ප්‍රධාන පිවිසුම දෙපස ශබ්ද නගා නාදවන නළා දෙකක් එක්ක අඬබෙර කරුවෙක් නිවේදනය කරද්දී මාළිඟයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට හිටිය ටේහ්‍යුන්ගෙ අවධානය ඒ පැත්තට යොමු වුණා...ජිමින්ට හසුනක් ලියන ගමන් හිටිය ජන්කුක් කලබලෙන් සඳළුතලයට දුවගෙන එද්දී ජන්කුක් දැක්කෙ වෙනදා පුරුදු ආඩම්බර ලීලාවෙන් ම තමන්ගෙ සුදු අශ්වයා පිටින් එන නම්ජුන්ව වගේ ම නම්ජුන්ට පිටුපසින් එන හේවායන් විසිපහක විතර නම්ජුන්ගෙ පෞද්ගලික ආරක්ෂක හේවායන් පිරිස...
ඒ හතර දෙනෙක්ගෙ අතේ උස ආධාරකවලට සම්බන්ධ කරපු සුදු කොඩි තිබුණේ සාමය වෙනුවෙන් ආවා කියලා දැනුම් දෙන්න වෙද්දි ශේහයි රාජ්‍යයේ පවුරුවලත් අද සුදු කොඩි ඔසවලා තිබුණේ හැම කඳවුරකට ම තාවකාලික සටන් විරාමයක් ගන්න කියලා දැනුවත් කරන ගමන්...
අද නම්ජුන්ට ටේහ්‍යුන්ට පොදු තීන්දුවකට එන්න පුළුවන් වුණොත්... රාජ්‍ය දෙක අතර තියෙන යුද්ධය තාවකාලිකව හරි නතර වෙයි කියලා රාජ්‍යයන් දෙකේ ම යුද්ධ නිසා බැට කෑව හිත් දහස් ගානක බලාපොරොත්තු පොදි ගැහිලා තිබුණා....
ජන්කුක් සඳළුතලාවේ වැටට අත් දෙක තද කරගෙන හිනාවෙවී නම්ජුන් දිහා බලාගෙන ඉන්න දිහාවට ටේහ්‍යුන්ගෙ අවධානය යොමු වෙනවා ජන්කුක් දැක්කෙ නැතත් ජන්කුක්ගෙ හිනාවට ටේහ්‍යුන්ගෙ අත් දෙක මිට මෙලවුණා...
"සන්සුන් ව රැඳෙන්න අධිරජුනි..."
රියුජින් ටේහ්‍යුන්ගෙ අත උඩින් අත තියලා කිව්වත් ටේහ්‍යුන් අත ගසලා පැත්තකට කරගෙන පඩිපෙළ බැහැලා යන්න ගියේ රියුජින් තමන්ව නොසලකා හැරලා යන ටේහ්‍යුන් දිහත් ඉහල මාලයේ ඉන්න ජන්කුක් දිහාත් කේන්තියෙන් බලාගෙන ඉද්දී....
.
.
.
.
"නමුත් අධිරජ ටේහ්‍යුන් ඔබ පවසන සීමාව දැනට රාජ්‍යයේ සීමාවෙන් තිස් යොදුනක් රාජ්‍යය තුළට වන්නටයි වනුයේ..එහි කිසිදු සාධාරණත්වයක් නැහැ..."
"මා ඉදිරිපත් කළේ සටන් නවතාලීමට නම් මගේ කොන්දේසි පමණයි අධිරජ නම්ජුන්...එකඟ වී සාමය උදාකරලීම හෝ ප්‍රතික්ෂේප කර යුධ වැදීම නුඹේ තීරණය..."
ටේහ්‍යුන් ගානක් නැතිව තමන්ගෙ අතේ තිබුණ මත්පැන් බඳුන තොලගාන ගමන් කියද්දි ටේහ්‍යුන්ට එහා පැත්තෙන් වාඩිවෙලා හිටිය ජන්කුක් ඇස් ලොකු කරගෙන මාරුවෙන් මාරුවට ටේහ්‍යුන් දිහත් නම්ජුන් දිහාත් බැලුවත් ජන්කුක්ට හොඳට ම තේරිලා තිබුණෙ ටේහ්‍යුන්ට සාමයක් අවශ්‍ය නැහැ කියලා...