"හ්හ්....ආහ්...ම්ම්හ්...එ-පා! එපා! ඔම්මාආආආ!!"
එකට ඇලිලා තද වෙලා තිබුණ ඇස් දෙක අමාරුවෙන් දඟලලා ඇරගත්ත මම කෑ ගහගෙන ඇඳේ වාඩිවෙද්දි මට දොර ඇරෙනවා ඇහුණා...මම ඔලුව උස්සලා බැලුවෙ නෑ...මාව වෙව්ලනවා...ඒ හීන...බය හිතුණා! ඒක විකාරයක් නේ!
"පුතූ...කුකී නරක හීනයක් දැක්කද? කෝ බලන්න ඔම්මට මූණ බලන්න මගෙ මැණිකගෙ?"
ඔම්මා මගෙ කම්මුල්වල කඳුළු පිහද පිහද මාව තුරුල් කර ගනිද්දි මම ඔම්මා දිහා බැලුවත් එදා මම ස්කූල් ට්‍රිප් එක යද්දි මට පරිස්සමට යන්න කිව්ව...මම යුධ දෙවියන්ගෙ අනුගාමිකයෙක් විදියට දුර ඉඳන් දැක්ක මගෙම ෆියුනරල් එකේ මාව ඕන කිය කිය අඬපු ඔම්මා මාව තුරුල් කරගනිද්දි මට සද්දෙටම ඉකි ගැහුණා..."ඔ-ඔම්...මා..."
"ඔම්මා ඉන්නවනෙ මැණික...ඔයාගෙ ඔලුව රිදෙනවද? මොකක්හරි අසනීපයක්ද කුකී...ඔම්මා හ්‍යුන්ට එන්න කියන්නද?"
ඔම්මා මගෙ ඔලුව අතගාලා අහද්දි තමයි මට දැනුණෙ මගෙ ඔලුවෙ පැත්තක් බැන්ඩේජ් කරලා කියලා..."ම්-මට...ඔ-ඔලුව..."
"වැටුණ පාරට ටිකක් ලොකු ඩැමේජ් එකක් වෙලානෙ කුකී....ඔයා ගිය සතියම වගේ හරි කල්පනාවක නෙවෙයිනෙ හිටියෙ...ඔම්මා බය වෙලා හිටියෙ... හීනෙනුත් කතා කළා ඔයා... අමුතු දේවල් කිව්වෙ...ඒත් ඔයා ඇහුවෙ ඔයාගෙ යාළුවොන්ව...කට්ටියම එයි අද හවසට මම හිතන්නෙ....එයාලට බූසාන් එන්න වෙලාවක් යනවනෙ කුකී..."
ඔම්මා මාව තුරුල් කරගෙන දෙපැත්තට පැද්දෙන ගමන් කියද්දි දම් පාටයි සුදු පාටයි ඩිසයින් කරලා තිබුණ රූම් එකේ දොර ඇරුණා...ඔම්මා කිව්වෙ බූසාන් කියලද? මම හිටියෙ සෝල් වලනේ?
එතකොට මම ඇත්තටම...ටයිම් ට්‍රැවල් කරලද? මම ආයෙ ආවෙ මොන කාලෙටද එතකොට...මොකද්ද මෙතන වෙන්නෙ!!?
"ආආ...අපෙ කෝලම ඇහැරලානෙ.... මම ඒත් අදත් අයිවී දෙන්න වෙයිද කියලා හිත හිත ආවෙ..."
ජින් හ්‍යුන්!! හිනාවෙවී ට්‍රේ එකක් අරගෙන ඇතුළට ආව හ්‍යුන් ඒක ටේබල් එක උඩින් තියලා ඔම්මට ටී එක දීලා ඇඳ අයිනෙන් වාඩිවුණාම මම ඔම්මගෙ මූණ බැලුවා...
"අපෝ...යන්න යන්න...කොහොමත් ඉතින් ඔයා ජිනීගෙ මල්ලිනෙ අපෙ පුතූ නෙවෙයිනෙ...නම්ජුනායි ජිනුයි ඉද්දි ඔම්මා එපානෙ..."
ඔම්මා එහෙම කියද්දි මම ජින් හ්‍යුන්ට තුරුල් වුණා....මේ වතාවෙ මම දන්නෑ... ඒත් මට මතක තිබ්බ වැරැද්දට තිබ්බ දුක නිසා මම ජින් හ්‍යුන්ට තුරුල් වෙද්දි එයා ළඟින් ආව ආත්ම ගානක් පුරුදු සුවඳට මට ඉකි ගැහිලා ඇඬුණා... එයාට අවුරුදු විසි අටක් තිහක් විතර ඇති කියලා හිතුණා...මම දන්නෑ...මට වැඩකුත් නෑ...ආයෙ එයාලා ඉන්නවා! එච්චරයි වැදගත්....