Jungkook POV
ෆෙලික්ස් මට ඕනා දේවල් කුටියට ගෙනත් දුන්නෙ මට ටිකක් අසනීපයි කියලා පවුලෙ අයට කියලා.....මම ෆෙලික්ස් ගෙනත් තිබුණ කෑම කාලා නිදා ගන්න හැදුවත් මම දැක්කා එළියෙ සැරට ම හිම වැටෙනවා කියලා.... හවස හිටිය විදියට නම් ටේහ්යුන් කීයටවත් හෙට උදේ වෙනකල් මේ සීතලේ හුස්ම ගන්නෙ නෑ....මට බෑ අඳුරේ මූල බීජය විනාශ නොකර එයාට මැරෙන්න දෙන්න.....
ටික වෙලාවක් කුටියෙ දෙපැත්තට ඇවිදලා මම හිම කබායත් දාගෙන එළියට ගියේ ටේහ්යුන් මොනවද කරන්නෙ කියලා බලන්න....
Author POV
කුටියෙ දොර සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න ඇරලා වැහුව ජන්කුක් කොරිඩෝව දිගේ තියෙන කණුවලට මුවා වෙවී ඇඟිලි තුඩුවලින් ඇවිදගෙන ගිහින් කණුවකට මුවා වෙලා ඇස් දෙක විතරක් පේන විදියට එබිලා බැලුවෙ ටේහ්යුන් හවස දණගහගෙන හිටිය තැන දිහා.....
"කෝ මේ මනුස්සයා?"
තනියම තොල් මැතිරුව ජන්කුක් කණුවෙන් මෑත් වෙලා එබිලා බැලුවාම ජන්කුක්ගෙ වටකුරු ඇස් දෙක තව ටිකක් ලොකු වෙලා බෝල වෙලා ගිය....කණුව අතෑරලා තමන්ගෙ බිමට දිග ඇඳුමත් අතින් උස්සගෙන ජන්කුක් පඩි දෙක තුනක් බැහැලා දුවගෙන ගියේ හිම ගොඩේ වැතිරිලා ඇස් පියාගෙන ඉන්න ටේහ්යුන් ළඟට....ළඟ තිබුණ කොළ හැලුණ ගහකින් කෝටුවක් කඩා ගත්ත ජන්කුක් ටිකක් ඈතින් හිටගෙන සළුවකින් මූණෙ නහයෙන් පහළ ටික වහගෙන අර කකුලෙ ඇඟිලි තුඩුවලින් ඉස්සිලා ටේහ්යුන්ගෙ පිටට කෝටුවෙන් ඇන්නා....
"දෑස් විවර කරනු! මා හොඳින් ම දන්නවා ඔබ රංගනයක යෙදෙන බව....මා ඔබ සැබැවින්ම මියගොස් දැයි පිරික්සීමට පැමිණියේ.... රංගනය නවතා දෑස් විවර කරනු!ටේහ්යුන්!"
ටේහ්යුන්ගෙ සද්දයක් නැති වෙද්දි ජන්කුක්ගෙ බෝල ඇස් බයෙන් පිරුණා....
මම පටන් ගත්ත තැනම අසාර්ථක වුණාද?
හිත බයෙන් වගේ හිම ගොඩේ වැටිලා ඉන්න ටේහ්යුන්ව උඩ පැත්ත හරවලා ඔලුව තමන්ගෙ උකුලෙන් තියාගත්ත ජන්කුක් ටේහ්යුන්ගෙ නාඩි පරීක්ෂා කළා....
"ඔහ්! ඔහු තවමත් ජීවතුන් අතර....ඔබ බොහෝ වාසනාවන්තයි ජන්කුක්..."