රියානා පිටත් වෙලා ගියාට පස්සෙ ශීහා පුංචි කුමාරයා එක්ක අමාරුවෙන් කෑම බීම හොයාගෙන ජීවත් වුණා....යුද්ධෙ නිසා ශේහයි වල ජීවිතේ ලේසි වුණේ නෑ....උදේ පාන්දර කුමාරයාව නතර කරලා හිටිය අබලන් වුණ පුංචි ගෙදරට රාජ පුරුෂයෝ ආවාම ශිහා බය වුණත් බය නොපෙන්වා කතා කළා....
"කුමක්ද කාරණාව කුමරු සම්බන්ධ දෙයක්ද?"
ශීහා තමන්ගෙ පිටිපස්සෙ හැංගිලා තමන්ගෙ ගවුම තදට අල්ලගෙන ඉන්න ටේහ්‍යුන් දිහා බලන් අහද්දි කාටවත් නොපෙනුණත් ශීහිට එහා පැත්තෙන් හිටගෙන හිට්ය ජන්කුක්ත් පුංචි ටේහ්‍යුන් දිහා බලලා රාජපුරුෂයෝ දිහා බැලුවා...."ශේහයි මහරජුගේ ආඥාව පරිදි ශේහයි,ඇසෙටෝරියා රාජධානි අතර සාම ගිවිසුම ප්‍රකාරව ශේහයිහි රාජකීය ප්‍රාණ ඇපකරුවකු ලෙස ටේහ්‍යුන් කුමරු ඇසටෝරියා රාජධානියට පිටත් කර හැරිමට ආඥා කර තිබෙනවා....ඔහු සමඟ ඔහුගේ දාසියන් දෙදෙනා ද යවන ලෙස මහරජු දන්වා තිබෙනවා..."
තමන්ගෙ අතේ තිබුණ ආඥා පත්‍රය දිහා බලාගෙන කියවගෙන ගිය රාජපුරුෂයා ශීහාට ආචාර කළා....
"අද රාත්‍රියේ නෞකාව පිටත් වනවා ඔබ දෙදෙනා සූදානම් වී සිටින්න...."
රාජපුරුෂයෝ දෙන්නා එහෙම කියලා ගියාම ශීහා අත් දෙකෙන් කට වහගෙන ඉකි ගහන ගමන් බිම ඉඳ ගත්තත් ටේහ්‍යුන් තවමත් රාජ පුරුෂයෝ දෙන්නා ගිය දිහා බලාගෙන ඉන්නවා...
දැන් ටේහ්‍යුන්ට වයස දහයක් වෙනවා....ඒත් ටේහ්‍යුන්ට කියලා හිටියෙ ශීහා විතරයි....ටේහ්‍යුන්ට අකමැත්තක් නොපෙන්වා ළඟ හිටියෙ ශීහා විතරයි....අර මිනිස්සු කිව්ව දේ නොතේරුණාට එයාලා නිසා ශීහා අඬනවා කියලා තේරුණා ම ටේහ්‍යුන්ගෙ අත් මිට මෙලවුණා....
පුංචි කාළෙ ඉදලා ම දුක,සතුට,ආදරය නොදැනුණාට ටේහ්‍යුන්ට වේදනාව, කේන්තිය වගේ අතළොස්සක් හැඟීම් දැනුණා....
"ඔවුන් ඒ කුමක්ද කීවෙ ශිහා? ඔබ කුමක් නිසාද ඔය ලෙස හඬනුයේ? ප්‍රාණ ඇපකරුවකු වීම නරක දෙයක් ද?"
ටේහ්‍යුන් අහද්දි ශිහා කඳුළු පිහිදගෙන හිනා වෙලා නැඟිට්ටා...
"අනේ නැහැ කුමරුනි....ඔබේ පියාණන් බොහෝ කලකට පසු අපට නෞකා චාරිකාවකට අවසර දීලා...මා ශට බොහෝ සතුටු සිතුණා...ඒ නිසයි මා හැඬුවේ....ඔබ මීට පෙර චාරිකාවක ගොස් නැහැනේ? මෙවර අපි චාරික්වක් යනවා...බොහොම අගෙයි නොවෙද?"