එළියෙ හිම වැටෙන දිහා බලාගෙන ටේහ්යුන් හිටියෙ බර කල්පනාවක.... තමන්ගෙ පාඩුවෙ හිටිය ටේහ්යුන් ගැස්සිලා ගියේ එකපාරට ම තමන්ගෙ උරහිසට උඩින් එබිලා කවුරුහරි අමුතු සද්දයක් දැම්ම නිසා..."වෝහ්!"
මූණ දෙපැත්තෙන් අත් දෙකත් තියාගෙන බෝල ඇස් දෙක ලොකු කරගෙන තමන්ගෙ ඇඟට පනින්න වගේ ඉන්න ජන්කුක් දැක්කාම ටේහ්යුන්ගෙ සාමාන්යයෙන් හැඟීමක් නැති මූණෙ යන්තමට හිනාවක් ඇඳුණා...
"ඕඕ...ඔබ සිනාසුනා! ඔබේසිනාව බොහෝ පියකරුයිනෙ...මන්ද සැමවිට ම වෙස්මූණක් සේ සිටිනුයෙ එතරම් පියකරු හිනාවක් සඟවාගෙන ආආ"
ජන්කුක් ටේහ්යුන්ගෙ මූණට එබිලා කියවද්දී ටේහ්යුන් ටිකක් ඈතට වුණා....
"මා...මා නැහැ සිනාසුණේ....ඔබට මුලාවක් වී ඇති හැඩයි..."
ටේහ්යන් තමන්ගෙ කම්මුල් අතගාන ගමන් කියද්දී ජන්කුක් ටේහ්යුන්ගෙ කම්මුල් දෙක දෙපැත්තට ඇද්දා...ජන්කුක් ටේහ්යුන්ගෙ උරහිස ළඟට විතරක් උස නිසා ටේහ්යුන්ගෙ කම්මුල් දෙකට ඇදෙන්න ජන්කුක්ට කකුලෙ ඇඟිලි තුඩුවලින් ඇදෙන්න වුණා....ජන්කුක් තමන්ගෙ කම්මුල් දෙකෙන් ඇද ඇද දඟලද්දි ටේහ්යුන් ජන්කුක්ගෙන් ගැලවෙන්න දැඟලුවා....තමන්ගෙ ම සළු අතරෙ කකුල පැටලිලා ජන්කුක් ටේහ්යුන්ගෙ ඇඟට වැටුණෙ සමබරතාවය ගිලිහිලා ටේහ්යුන් විසි වෙලා ගිහින් පිටිපස්සෙන් තිබුණ ලී බිත්තියෙ වැදුණා....තමන් දිහා හිනාවෙවී ඉන්න ටේහ්යුන්ව දැක්කාම ජන්කුක් රතු වුණා...ජන්කුක් ටේහ්යුන්ව තල්ලු කරගෙන දුවද්දි ටේහ්යුන් බිත්තියට හේත්තු වෙලා ම ඒ පැත්ත බලාගෙන හිටියා..
ඒ වෙලාව පුරාවට ම ටේහ්යුන්ට නොදැනෙන් න ටේහ්යුන්ගෙ මූණෙ හරි ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා....
ටිකකින් හරි සිහියට ආව ටේහ්යුන් තමන්ගෙ කම්මුල් වලට අත තියලා බැලුවෙ ජන්කුක් කිව්වත් වගේතමන් ඇත්තට ම හිනා වෙනව ද කියලා... ටේහ්යුන්ට පුදුම හිතුණා...ඉපදුණ දවසෙ ඉඳලා අමාරුවෙන් කම්මුල් රිදෙද්දී හිනාවෙනවා වගේ රඟපෑව ටේහ්යුන්ට දැන් ජන්කුක් ගැන හිතුවා ම ඉබේටම හිනා යනවා....