"මට වැටහුනේ නැහැ..."
ටේහ්‍යුන් අත් දෙක පිටිපස්සට බැඳගෙන කියද්දි හෙසෝක් ටේහ්‍යුන්ට ආචාර කරලා පැත්තකට වුණේ එතනට වැටිලා තිබුණ පාර දිගේ එයාලා ඉන්න පැත්තට එන මූණ ආවරණය වෙන විදිහට සළුවක් රඳවපු රවුම් තොප්පියක් දාගෙන එන කාන්තාවක් පෙන්වමින්...."මගේ පමාවට කමා කරන්න කුමරුනි..."
ඒ කාන්තාව තමන්ගෙ ගවුම ඇත් දෙකෙන් මදක් ඔසවලා අල්ලගෙන දණහිස් වලින් නැවිලා ආචාර කරමින් කිව්වා ම ටේහ්‍යුන් ඒ දිහා බලාගෙන හිටියා...."රියානා!?"
ඒ කාන්තාව තමන්ගෙ මූණ ආවරණය කරගෙන තිබුණ සළුව ඉවත් කළාම ටේහ්‍යුන් පුදුමෙන් කිව්වෙ මැදිවියේ කාන්තාව ටේහ්‍යුන් එක්ක හිනාවෙද්දි...."කමා කරන්න කුමරුනි....මා වදන් දී නික්මුණේ නැවත පැමිණෙන බවට.... නමුත් මා හට අපගේ ආරාමයේ මගේ වදනට වටිනාකමක් ලබාගැනීමට කාලයක් ගත වූවා කුමරුනි..."
කාන්තාව කියද්දි ටේහ්‍යුන් නිහඬව ඉන්න හෙසෝක් දිහා බලලා රියානාගෙ පැත්තට හැරුණා..."සියානා ආරාමය? ඒ කුමක්ද?"
ටේහ්‍යුන් අහද්දි කාන්තාව හිනා වුණා...."ඔබතුමාගේ මවු බිසවගේ උපන් රාජ්‍යය එයයි....මවු බිසවගෙන් ඔබට උරුම මායාවන් නිසාවෙනුයි ඔබතුමාට සතුන් සමඟ සංවාදයේ යෙදීමේ හැකියාව ලැබී ඇත්තේ...."
"එවිට මොහු?"
රියානා කියන දේ අහගෙන ඉඳලා ටේහ්‍යුන් හෙසෝක්ගෙ පැත්ත හැරිලා ඇහුවාම රියානා හිනා වුණා..."එම හැකියාව සියානාවේ රාජකීයයන්ට උරුමයි.... හෙසෝක්.... ඔබතුමාගේ මවු බිසවගේ බාල සොහොයුරියගේ එකම පුතණුවන්.... ඒ නිසායි ඔහුට එය උරුම..."
රියානා කියද්දි හෙසෝක් හිනා වුණත් ටේහ්‍යුන් හෙසෝක් එක්ක හිනා වුණේ නැහැ..."එවිට ඔබලා මෙහි පැමිණීමට හේතුව?"
ටේහ්‍යුන් අත් දෙක පපුවට බැඳගෙන අහද්දි රියානා හිනා වුණා..."ශේහයි හි මහරජු....ඔබේ පියාණන් දැඩි සේ ගිලන්ව සිටිනුයේ කුමරුනි.... මෙවර ඔබට ඔබේ උරුමය ලැබීම තහවුරු කිරීමට සියානාව සූදානම්.... ඉදින් ඔබව ප්‍රාණ ඇපකාරීත්වයෙන් මුදවාගෙන රහසේ ශේහයි වෙත නික්ම යාමයි අපගේ අරමුණ.,."
රියානා කියද්දි ටේහ්‍යුන්ගෙ කළු පාට ඇස් තත්පර ගානකට රතුපාට වුණේ ටේහ්‍යුන්ගෙ අත් දෙක රතු මිශ්‍ර කළු දුමින් දුම් දාන්න පටන් අරන්....