ජන්කුක්ගෙ ඇඳ ළඟ වාඩිවෙලා හිටිය ජිමින් ඇස් දෙක ලොකු කරගෙන ජන්කුක්ගෙ මූණට එබෙද්දි ජින් යුංගි දෙන්නත් ඇඳ ළඟට ආවෙ ජන්කුක් කෙඳිරි ගානවා ඇහුණ නිසා...
"ඔහු අවධි වීමට යනුයේ....අවසානයේ දින තුනකට පසුව..."
ජිමින් බලාපොරොත්තු පිරුණ හඬකින් කියද්දි ෆෙලික්ස් ඇඳ ළඟට තවත් ටිකක් ළං වෙලා එබිලා බැලුවා..."ආහ්....ම්ම්ම්හ්..."
ජන්කුක් ඔලුවට අතක තියාගෙ ඔලුව එහෙට මෙහෙට හරවද්දි ජින්ගෙ මූණෙ හිනාවක් ඇඳුණා...."ක්-කුමක් ද සිදු වූයේ?"
ජන්කුක් යුංගිගෙ උදව්වෙන් ඇඳ මිට්ටමට හේත්තු වෙලා වාඩිවෙන ගමන් අහද්දි යුංගි හිනවුණා...."එදින අපට ඔබ දෙදෙනාව හමුවන විටත් ඔබ දෙදෙනා සිහිසුන්ව සිටියේ... ටේහ්යුන් නම් දිනක් ගත වීමට පූර්ව අවධි වූවා...ඔබ තමා තෙදිනක් ම සිහිසුන්ව සිටියේ..."
යුංගි කියද්දි ජන්කුක්ගෙ ඇස් බෝල වුණත් ජිමින් එයාව බදා ගත්තා ම ජන්කුක්ට හිනාගියා..."ඔබේ දඟ වැඩ නොමැතිව මා හට පාළු දැනුණා කූ..."
ජිමින් තොල් බෙරි කරගෙන කියද්දී ජන්කුක් හිනාවෙලා ෆෙලික්ස් දිහා බැලුවා...."ඔබට මා ස්මරණ වූයේ නැතිද ෆෙලික්ස්?"
"බොහෝ සෙයින් ස්මරණ වූවා ඔබ දවස පුරා දෙන වධ හිංසා මා හට..."
ෆෙලික්ස් හිනා වෙවී කියද්දි ජිමින් ෆෙලික්ස් කිව්ව එකට හයියෙන් ම හිනා වුණා..." ආආ...පළමුව මෙය පානය කර සිටින්න...ඉන්පසු ඔබ කැමති යමක් කළ හැකියි...ඔබට ආබාධ නැහැ.... අවධි නොවූ ගැටලුව පමණයි තිබුණේ..."
ජින් ජන්කුක්ගෙ අතට කොළ පාට බෙහෙත් කැඳ එකක් දුන්නාම ජන්කුක්ගෙ මූණ ඇදවෙලා ගියත් යුංගි රවාගෙන ඉන්නවා දැක්කාම ඩන්කුක් මූණ වටේ විසිරිලා තියෙන එයාගෙ දිග කොණ්ඩෙ අතින් පිටිපස්සට කරලා දත් ටික සේරම පේන්න යුංගි එක්ක හිනාවෙලා සුවඳ නොබල ම කැඳ එක එක හුස්මට බීලා දාලා අත් දෙකෙන් ම බෙල්ල අල්ල ගත්තා ම ජිමින් අත් දෙකෙන් කට වහගෙන හිනාවුණේ යුංගි හිනාව බොරු කැස්සකට හරවලා එතනින් නැඟිටලා යද්දි.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ටේහ්යුන් හිටියෙ තමන්ගෙ කුටියෙ කෙළවරක තිබුණ බැම්ම උඩ වාඩිවෙලා තමන්ගෙ අත දිහා බලාගෙන....