ඒ ලෙවල් ඉවර වුණු ගමන් ගමෙන් ඈත කොලඹට ගිය වතිලට අවුරුදු 30 දි ආපහු ගමට එන්න සිද්ධ වෙලා....
ගෙන්දගම් පොළොවේ උණුසුමට ජීවත් වුණු වතිල ආපහු සීතල නුවර එළියට එන්නෙ වතු පාලකයෙක් වුණු තාත්තට විශ්රාම අරන් වතිලට මේ හැමදේම බාරකරන්න ඕනෙ වුණු නිසා.....ඒත් වතිල එන්නෙ තනියම නෙවේ....
අසාර්ථක , කණගාටුදායක විවාහයකින් ඉතුරු වුණු එකම වස්තුව වෙච්ච පුංචි දූ පොඩ්ඩ පහන්යා එක්ක....
ගමෙන් ගියපු හිතුවක්කාර නපුරු කොල්ලා ආපහු ගමට එන්නෙ නිශ්ශබ්ද , පරිණත කෙනෙක් විදිහට....
මොකද ජීවිතේ හැලහැප්පීම් අපට ගොඩක් දේවල් උගන්නනවා....
ඉතින් වතිලටත් එහෙම තමයි....ගමට එන නිශ්ශබ්ද පරිණත වතිලට මුණ ගැහෙනවා දරදඩු නපුරෙක්ව...
ඒ නපුරා එක්කම වතිලට වැඩ කරන්න වෙනවා කියලා තේරුණාම වතිලට මොනවා හිතෙයිද....
ඒත් ඇයි ඒ නපුරා ට වතිලගෙ හිත ඇදිලා යන්නේ........වතිල සදකැලුම් සිංහවංශ
( අවුරුදු 30 යි )
අපූර්ව ශාධිත්ය සත්යනාත්
(අවුරුදු 28 යි)
නෑ නෑ....මෙච්චරක් නෙවෙයි.....තාම කතාව ඉවර නෑ....සීතල නුවරඑලියෙම ඉපදිලා ගමේ හැදුණු වැඩුණු අහිංසක කොල්ලෙක් වුණු අපූර්ව හැදුණේ අත්තම්මා එක්ක....දුප්පත් වුණත් ඉගෙනගන්න දක්ෂ අපූර්වගෙ ජීවිතේම වුණේ ගම තමයි.....
ඉතිං වත්තෙ බංගලාවට කිරි අරන් යද්දි හැමදාම මුණ ගැහෙන , ඉස්කෝලෙදිත් හැමදාම මුණ ගැහෙන එයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල් පුංචි මහත්තයා ගැන අවුරුදු 15 ක අපූර්වගෙ හිතේ තියෙන්නෙ ලෙංගතුකමක්....
ඒත් පුංචි මහත්තයා අපූර්වට කරන්නෙ නපුරුකම්මයි......
ඉතිං අපූර්වට එයාගෙ ආදරේ කියාගන්න පුලුවන් වෙයිද??
පුංචි මහත්තයාත් අපූර්වට ආදරේ කරයිද??අපූර්ව ( අවුරුදු 16 යි )
පුංචි මහත්තයා. ( අවුරුදු 18 )
මේ කතා දෙකක් කීවට දෙකක් නෙවේ....
මේ අතීතයයි වර්තමානයයි එකට බැදුණු කතාවක්....කොලඹින් ආව වතිලට මුණ ගැහෙන අපූර්ව එයාට ආදරේ කරපු පරණ අහිංසකයාම වෙයිද......
නැත්තං කාලය වතිලව වෙනස් කරා වගේම අපූර්ව වත් වෙනස් කරලද??
ඒ ඇයි???මේ වතිලගෙයි අපූර්වගෙයි ආදරයේ කතාව....
ඒත් මේ එකම ආදර කතාවද,??
ආදර කතා දෙකක්ද??
එක ආදරයක් පටන් ගන්න තව ආදරයක් නිමා වෙන්නම ඕනෙද??මේ අතීතය සහ වර්තමානය එකට යා කරන කතාවක්...
මගේ ඊලග zhanyi එක....ළගදීම.....
Author's note..
මගේ පතොක් මල් කතාව ඉවර වෙනකං මේ කතාව ටිකක් slow updates වෙයි....
ඒක ඉවර වුණාම දිගටම දෙනවා..
ඇඩ් කරලා තියාගන්න..*මේ කතාව අතීත කතාවයි වර්තමාන කතාවයි දෙකක් විදිහට තියෙනවා..
අතීත කතාව කියන්නෙ අපූර්ව ( zhan)
වර්තමාන කතාව ( yibo)*මේ කතාව zhanyi , ඒත් අතීත කතාව ටිකක් yizhan වගේ දැනෙයි...