දාහතරවෙනි දිගහැරුම ❄️

3.7K 502 35
                                    

අතීතය❤️

වතිල එයා ඉස්සරහා හිටගෙන හිටිය අපූර්ව ගෙ කොණ්ඩ කැරැල්ලකින් අල්ලලා එයාගෙ මූණට එබිලා බැලුවෙ දිලිසෙණ ඇස් වලින්....

ඒ සෙල්ලක්කාර ඇස් අපූර්ව ගෙ ඇස් එක්ක හිනාවුණා.....

තේ කූඩය පිටේ බැදන්...
නුඹ එනවා කන්ද උඩින්..
මං දැක්කේ හුග කලෙකට
පස්සේ ලෙච්චමී...

මගෙ ලෙංගතුකමට ඉතිං...
කාගෙත් ඇස් වහලා හොරෙන්
තනිපංගලමේ හිදින්න
වරෙන් ලෙච්චමී.....

වතිල අපූර්වගෙ ඇස් දිහා බලාගෙන කීවෙ හරිහමන් තාලයක්වත් නැතුව...

බංගලාවෙ ගේට්ටුව ළග හිටගෙන කර උඩ ලොකු කැවිලි බාස්කට් එකක් තියාගෙන හිටිය අපූර්ව වතිලගෙ ඒ පිලිගැනීමට ප්‍රතිචාර දැක්කුවේ රවුමක් කැරකිලා ඉණ හොලවලා නැටුමකුත් දාලා...

දැක්කම ඔය වග කියාවි
මටම කරච්චල් කරාවී...
මාත්තයා මොකටද ඔය
වීලු කරන්නේ...

ලැයිමෙ ඈයො පද හදාවි
පූචානං මට කියාවි..
ආඩවනේ ඕවට මං
කැමතිම නෑනේ.....

අපූර්ව වතිලට බොරුවට ගස්සලා හිනාවෙවී රාණි අක්කට රංගම්මගෙ කැවිලි ටික දිලා එන්න ගියේ තව ටික වෙලාවක් හිටියොත් ඕක බිම වැටෙන්නත් බැරි නෑ කියලා දන්න නිසා...

වතිලගෙ ලොකුම විනෝදාංශෙ අපූර්ව අවුස්සන එක.... ඉතිං අපූර්වටවත් වෙලාවකට කොහෙද ඉන්නෙ කියලත් අමතක වෙනවා...

ඊට ටික වෙලාවකට පස්සෙ වතිලයි අපූර්ව යි බංගලාවට ටිකක් එහා තියෙන වදුලෙ ගලක් උඩ වාඩිවෙලා කතා කර කර ඉදියෙ ඉතිං ඔය එදිනෙදා දේවල් ගැන...

මේ හවස් වරුව....පහ හමාරට විතර ඇති....රාස්සිගෙ අව්ව පළාතම වහගෙන.....හැමතැනම රත්තරන් පාටයි.....
කතාව අස්සෙ අතරමං වෙලා ළාවට කළුවර වේගෙන ආවත් මේ දෙන්නට නං ගාණක් නෑ.....
දෙන්නටම කාලෙ යනවා තේරෙන්නෑ...

දෙන්නා කතා කර ඉදපු ඕපදූප, ආදර කතා, හුරතල් කතා වෙන පැත්තකට හැරුණේ අපූර්ව ඊයෙ දැක්ක දෙයක් ගැන වතිලගෙන් අහන්න ගිහින්...

ඊයෙ වතිලයි නෙහානුයි තව ළමයි කීපදෙනෙකුයි ඉස්කෝලෙ පාළු පැත්තක බියර් බොනවා අපූර්ව බලාගෙන.....
නෙහාන් වතිලගෙ කරට අතකුත් දාගෙන විහිලු කරනවා දකිද්දි අපූර්ව ට තරහා ගියා...

අපූර්ව ✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon