අතීතය ( 2012)
අපූර්වගෙ pov .....දීකිරි දීකිරි ගෙනාවා දීකිරි....
මිහිපිට කාටත් ගුණදෙන දීකිරි...
පැටියා මෝරපු දෙනගෙන් ගත් කිරි...
හොදහැටි උණුකොට ඒදා ගත්කිරී...හැමතැනම කොල පාටින් වැහිච්ච තේ යායවල් මැද්දෙන් තියෙන කදුපාර දිගේ උඩට කෙට්ටු කොල්ලෙක් කිරි වලින් පිරුණ බෝතල් හතරකුත් වන වනා සිංදුවකුත් කිය කිය දිව්වෙ වටාපිටාව ගැන මෙලෝ අවධානයක් නැතුව.......
ඉස්සරහින් ඇවිදගෙන ආපු මනුස්සයගෙ ඇගේ හැප්පෙනකම්ම කොල්ලට නිච්චියක් නෑ හැප්පුණාද කියලවත්...."හෝව් හෝව් කොල්ලෝ....කොහෙ බලන් යනවද මන්දා...ටිකක් හිමින් පලයංකො...."
"ආ ගුණසේන මාමා....මම මේ කිරි ගෙනියනවා..බංගලාවෙ අය බලන් ඉන්නවනෙ කිරි ගේනකං..."
ඔහේ අකීකරුව කනටත් පහළින් වැඩිච්ච කෙස් වැටිය හොලව හොලව , හා දත් දෙකත් පෙන්නලා හිනාවෙවී කිව්ව කොල්ලා ගමන නවත්තපු වේගෙන්ම ආයෙ දුවන්න පටන් ගත්තෙ අතේ තියෙන කිරිබෝතල් හතරත් පද්ද පද්දා....
"කිරි විකුණාලා කාසි සොයන්නයි...
අනාගතේ මාළිගා හදන්නයි...
කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි...
මුට්ටිය බිදුණොත් ඔක්කොම ඉවරයි.."කොල්ලා නාට්ටියක් රගපානවා වගේ ආපහු සිංදුවත් කියාගෙනමයි දිව්වෙ...
".... පරිස්සමෙන් පලයං...උඹ වැටෙයි ඔහොම දිව්වොත්.."
ගුණසේන කිව්ව දේ කොල්ලට ඇහුණෙවත් නෑ...
කොහෙද කොලු විසේනෙ....ඒ උදේ පාන්දර හයට විතර....ඉර එළිය වැටුණා විතරයි.....නුවර එළිය කියන්නෙ කාටහරි උදේ පාන්දර ඉර එළිය වැටෙන හැටි බලන්න...මල් පිපුණම එන හිත නිවන සුවද විදින්න අපූරු පැත්තක්....
ඒත් හැමදාම මේ ගමේ ජීවත් වෙන අයට නං ඒක සාමාන්‍යයයි....ලස්සනයි විතරක් නෙවේ සීතලත් එහෙමයි... ඒත් සීතල මැද්දෙම ගමේ ඇත්තෝ වැඩ පටන් අරන්......
හිරිගඩු පිපෙන සීතල හැමෝටම හුරුයි.....
සීතලයි කියලා වැඩ නොකර නිදාගන්නයෑ.......කිරිබෝතල් බංගලාවට අරන් යන ඒ දග කොල්ලගෙ නම අපූර්ව....
උප්පැන්න සහතිකේ විදිහට අපූර්ව ශාධිත්‍ය සත්‍යනාත්........
දෙමළ කොල්ලෙක්......
දෙමළ කීවට බාගෙට දෙමළ...ඉතුරු බාගෙ සිංහලලු.....ඒක කවුරුත් හරියටම දන්නෑ..... කොහොමහරි අපූර්ව ට 16 ක් ලැබුවා විතරයි....