වතිල ජීවිතේටම දෙපාරක් විතරක් නිදාගත්තු ඒ කාමරේ පැයක් විතර ඔහේ ඉදගෙන හිටියේ ෆෝන් එකට පැයකට කලින් ආව මැසේජ් එක දිහා බල බල රව රව......
ශාධිත්‍ය කීවට ඒක අමුත්තො හැමෝටම වෙන් කරපු කාමරේ කියලා එදා වතිල යනකොට තියලා ගිය සාලුවේ, සෙරෙප්පු දෙකේ ඉදලම අගලක්වත් එහා මෙහා නොවී ඒ විදිහටම තිබ්බා...
ටිකක් පුරුදු තැනක් නිසා වතිලට පොඩි සහනයක් දැනුනත් ශාධිත්‍ය නැතුව මේ ගෙදර ඉන්නවා කියන එක අමුත්තක් වගේ....
...හදිසි වැඩකට යන්න වෙනවා... බ්ලා බ්ලා බ්ලා... කෑම හදලා තියෙන්නෙ... රත් කරන් කාලා අතන මෙතන දගලන්නෙ නැතුව දවල් වෙනකං ටිකක් නිදාගන්න ඔෆිස් යන්න කලින්.....
මූ හිතන් ඉන්නෙ මගේ අම්මා කියලද... මාව දාලා ගිහින් මෙතන තව උපදෙසුත් දෙන්න එනවා...
වතිල රව රවම පැයකට විතර පස්සෙ බාත්රූම් එකට ගියේ කොන්දට අතකුත් තියාගෙන.....
වතිල නාලා ඇවිත් ඇදුම් ඇදගන්නෙත් නැතුව බොක්සර් එක උඩින් නිල් පාට තඩි ෂීට් එකක් ඇග වටේ ඔතාගෙන කෑම තියෙනවද බලන්න දොරත් ඇරන් කාමරෙන් එළියට ගියේ බඩේ පණුවො බොක්සින් ගහන මට්ටමේ බඩගින්නක් ආව නිසා....
කොහෙද ඊයෙ රෑ කන්නවත් ඉස්පාසුවක් තිබ්බෙ නෑනෙ.....වතිල කුස්සියට ගිහින් කවුන්ටරේ උඩ වහලා තිබ්බ පිගානෙ පියන ඇරලා බැලුවා...
ඉඩ්ලි එක්ක සම්බෝලෙකුයි හොද්දකුයි.....
පිගානත් උස්සගෙන රිදෙන කොන්ද ගැන ශාධිත්‍යට සාප කර කර වතිල සාලෙට ආව ගමන එක පාරට බ්‍රේක් ගහලා නතර වුණේයි සාලේ සෝෆාවේ අත් කකුල් දිගෑරගෙන වාඩිවෙලා හිටිය රූපෙ ඇස් ලොකු කරන් වතිල දිහා බැලුවෙයි එකම මොහොතේ ..
වතිල එයා ඇදන් හිටිය ලොකු බෙඩ් ශීට් එක දිහා බලද්දි සෝෆාව උඩ ඉදන් හිටිය කෙනා හයියෙන් කෑ ගහලා මූණ වහගත්තෙ කළු කුමාරයා දැකලා වගේ ....
වතිල මූණත් දම් පාට කරන් සාලෙට ආවෙ දැන් ඉතිං වෙච්ච දේ වෙලා ඉවරනෙ කියලා හිතලා...
"භාතිය!!!! තමුසෙ මොනවද මෙහෙ කරන්නෙ.... තව පොඩ්ඩෙන් මට හාට් ඇටෑක් හැදෙනවා....හොරෙක් වගේ ඔහොම ඉදන් ඉන්නවද...."