වර්තමානය 💚
බංගලාව ඉස්සරහා කාර් එක නවත්තන කොට කළුවර වැටිලා..
වතිල ඉක්මනට බැහැලා උඩ එයාගෙ කාමරේට ගියේ ශාධිත්‍ය දිහාවත් නොබලා......
එයා කේන්තියෙන්.....ශාධිත්‍ය කොහොමද එයාට එහෙම කතා කරන්නෙ......
කිසිම කෙනෙක් ඉස්සරහා පාලනය නැති වෙන්නෙ නැති වතිලගෙ හිත හොදටම අවුල් වෙලා...එයාගෙ කම්මුල් කේන්තියටම රතුවෙලා...
ඇස් හීනි වෙලා.....හොද වෙලාවට පහන්‍යාට ස්කූල් ඇරිලා ආවම වතිලගෙ අම්මා එක්ක ඉන්න කියලා කීවෙ....වතිලට ඕනෙ නෑ පහන්‍යා එයාව මේ විදිහට තරහෙන් ඉන්නවා දකින්න......
වතිල ඇදුම් ඔක්කොම කාමරේ මැදම ගලවලා දාලා බාත්රූම් එකට ගිහින් උණු වතුර පාවිච්චි නොකරම අයිස් වගේ සීතල වතුර තිබ්බ ෂවර් එක යටට ගියේ සීතල වතුර ඇග පුරා ගලාගෙන යද්දි.....
ගාණට අත්ගොබ හැදුණු පිරිමිකම උතුරන තමන්ගෙම කඩවසම් ඇග දිහා වතිල කණ්ණාඩියෙන් බලන් ඉදියෙ පිළිකුල් භාවනාව කරන පෙනුමකින්....විනාඩි දහයක් යනකොට වෙව්ලන්න ගද්දි වතිලගෙ කේන්තියත් ඉවරයි...
වතිලට දැනුනෙ හරියට ආපහු එයාට 19 ක් වෙලා වගේ...හරියට අපූර්ව ගැන මුලින්ම හැගීම් දැනුන කාලෙට ඇවිත් වගේ....වතිල සීතල ගණන් නොගෙන නාලා ඇදුමක් දාගෙන අම්මලගෙ කොටස පැත්තට ගියා....
අම්මටයි තාත්තයි කාමර දෙකක් එක්ක පොඩි සාලයක් වගේ කොටසකුත් වෙනම තිබ්බා.... ඔහොම වෙන වෙනම ඉන්න නිසාම තමා කෑම මේසෙ හැමෝටම අනිවාර්ය වුණේ...
නැත්තං එක ගෙදර මිනිස්සු දවස් ගාණකට එකිනෙකාව දකින එකක් නෑනෙ....වතිලව දකිද්දිම පහන්‍යා දුවගෙන ඇවිත් වතිලගෙ ඇගේ එල්ලුණේ ඩැඩී කියලා කෑ ගහගෙන...
වතිලත් දූ ව වඩාගෙන රවුමක් කරකලා එයාව පපුවට තද කරගත්තෙ තාවකාලිකව හිතේ තියෙන අවුල නැතිවෙලා යද්දි....
පහන්‍යාගෙ කැරලි කොණ්ඩෙයි හිනාවෙන ඇස් දෙකයි වතිලට හරියට බෙහෙතක් වගේ...
"කොහොමද පැටියො ස්කෝලෙ.... හොදයිද?? ආතම්මටත් විස්තර කීවද.."
"ඔව් ඩැඩී...ඉස්කෝලෙ ශෝක්...ළමයිනුත් ශෝක්..
සිළුමිණී නැන්දි...එයාට ඉස්කෝලෙදි නං ටීචර් කියන්න කීවා...එයත් එක්ක මං අද පයින් ගෙදර ආවා....ඒ ගමනත් ශෝක්...."