තුන්වෙනි දිගහැරුම ❄️

4.1K 609 34
                                    

වර්තමානය 💚

"ඩැඩී......දිස් ඊස් අවර් ෆස්ට් ඩේ හියර්.....වේක් අප්....."

වතිල නිදිමතේම ඇද උඩ වාඩිවුණා....
කාලෙකට පස්සෙ එළිවෙනකං නිදාගන්න ලැබුණේ.....කොලඹ ඉදිද්දි වතිල හරියට වැඩ කරන මැෂිමක් වගේ....හරියට පාන්දර පහට නැගිටලා ජොගින් ගිහින් හත වෙනකොට ඔෆිස් යනවා....

ඒත් අද ගමට ඇවිත් ගෙවන පලවෙනි දවසනෙ....ටිකක් වැඩිපුර නිදාගත්තට කමක් නෑ කියලා හිතුණා....
ඒත් පහන්‍යාට නං උදේ පාන්දරම ඇහැරිලා වතිලගෙ කාමරේටත් දුවන් ආවා.......

පහන්‍යා තාත්තගෙ ඇදෙන් බැහැලා කාමරේ ජනේලෙ ළගට දුවගෙන ගිහින් එළියට එබුණේ ඇස් වලිනුත් එක්ක හිනාවෙන ගමන්....

ජනේලෙන් එළියේ පෙනෙන දර්ශනය හරිම ලස්සනයි...හරියට දිව්‍ය ලෝකයක් වගේ....කොලඹ ගෙදර ජනේලෙන් බැලුවම පෙනෙන පාරවල් වෙනුවට පහන්‍යාට පේන්නෙ උදේ පාන්දර ළා මීදුමෙන් වැහිච්ච බංගලා වත්ත....
කුරුල්ලන්ගෙ කීචි බීචි සද්ද හරියට සංගීතයක් වගේ.....පහන්‍යා කාමරේ පහළම තියෙන පිච්ච මල් පාත්ති වලින් ආව සුවදට ඉව ඇල්ලුවා......

සුරංගනාවන් ඇවිදින්
ඊයේ රෑ අපෙ මිදුලට...
හරි අමුතුම පාට පාට
මල් පිපිලාලු...
පාන් කළුවරත් නිමිලා...
නැගිටින් යාළු.....

පහන්‍යා වතිල දිහා බලලා හිනාවෙවී කියද්දි වතිල ආපහු ඇදේ වකුටු වෙලා ඇස් වහගත්තා...

දොර ඇරගෙන හීන් සැරේ...
මද සුලගේ ගෙට ඇවිදින්...
කතා කරනවා...කතා කරනවා...
යෝධයාගෙ මල් වත්තේ...
හීනෙක තව නිදා ඉන්න...
කම්මැලියන් ඇහැරවනවා.....

වතිල දූගෙ සද්දෙ නිසාම ඇහැරලා ඇවිත් පහන්‍යා පිටිපස්සෙන් හිටගත්තා....

පහන්‍යා කීවෙ ඇත්ත....වටාපිටාව පුදුම තරං ලස්සනයි.......
යාන්තමට සීතල හුළගක් තාත්තවයි දූවයි දෙන්නම සීතලෙන් හිරි වට්ටගෙන යද්දි වතිල එයාගෙ කරවටේ තිබුණු ෂීට් එකෙන් එයාවයි පහන්‍යාවයි දෙන්නවම වැහුවා....

ජනේලෙන් එළියෙ පහළ කට්ටියක් කතා කරනවා...

වත්ත කෙළවරේ ගේට්ටුව ළගට තව කෙනෙක් එක්ක ඇවිදන් යන රූපෙ දැක්ක වතිල ගල් ගැහිලා නතර වුණා...

අපූර්ව ✔️Where stories live. Discover now